spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගලබොඩ දිය ඇල්ල නැරඹීමට ගොස් අතුරුදන් වූ තරුණියගේ සිරුර හමුවෙයි

සිය පෙම්වතා සමඟ නාවලපිටිය – ගලබොඩ දිය ඇල්ල නැරඹීමට ගොස් සැඩ පහරට හසුව අතුරුදහන් වූ 17 හැවිරිදි තරුණියගේ සිරුර ඊයේ (04) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

පේරාදෙණිය – පැණිදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිට සිතුමිණි සුගන්‍යා නැමති තරුණිය පසුගිය පළමු වනදා සිය පෙම්වතා සමඟ ගලබොඩ දිය ඇල්ල නැරඹීමට ගොස් තිබුණා.

අනතුරුව ඔවුන් යළි පැමිණෙමින් සිටි අවස්ථාවේ දී ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ දෙදෙනාම සැඩ පහරට හසු වී ඇති අතර තරුණයා දිවි ගලවා ගැනීමට සමත් තිබෙනවා.

සැඩ පහරට හසුව ගසාගෙන ගිය තරුණිය සොයා පසුව ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව මෙහෙයුමක් දියත් කළ අතර, දින ගණනාවක් සිදුකළ මෙම මෙහෙයුම් සඳහා අයහපත් කාලගුණය සහ ගලබොඩ දිය ඇල්ලේ සිට මහවැලි ගගට ජලය ගලා බසිනා ගලබොඩ ඇළේ ජල ධාරිතාව ඉහළ යාම හේතුවෙන් ඊට බාධා එල්ල වුණා.

කෙසේ වෙතත් ඊයේ (04) පස්වරුවේ ගලබොඩ ඇළේ තිබූ කාන්තා මළ සිරුරක් ප්‍රදේශවාසින් විසින් සොයාගෙන ඇති අතර, පසුව පොලිසිය අතුරුදන් ව සිටි තරුණියගේ ඥාතින් සමඟ එහි පැමිණ සිදුකළ පරික්ෂා කිරීමේ දී එම සිරුර අදාළ තරුණියගේ බවට හඳුනාගෙන තිබෙනවා.

අනතුරුව සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහරෝහල වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?