ගලබොඩ දිය ඇල්ල නැරඹීමට ගොස් අතුරුදන් වූ තරුණියගේ සිරුර හමුවෙයි

සිය පෙම්වතා සමඟ නාවලපිටිය – ගලබොඩ දිය ඇල්ල නැරඹීමට ගොස් සැඩ පහරට හසුව අතුරුදහන් වූ 17 හැවිරිදි තරුණියගේ සිරුර ඊයේ (04) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

පේරාදෙණිය – පැණිදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිට සිතුමිණි සුගන්‍යා නැමති තරුණිය පසුගිය පළමු වනදා සිය පෙම්වතා සමඟ ගලබොඩ දිය ඇල්ල නැරඹීමට ගොස් තිබුණා.

අනතුරුව ඔවුන් යළි පැමිණෙමින් සිටි අවස්ථාවේ දී ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ දෙදෙනාම සැඩ පහරට හසු වී ඇති අතර තරුණයා දිවි ගලවා ගැනීමට සමත් තිබෙනවා.

සැඩ පහරට හසුව ගසාගෙන ගිය තරුණිය සොයා පසුව ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව මෙහෙයුමක් දියත් කළ අතර, දින ගණනාවක් සිදුකළ මෙම මෙහෙයුම් සඳහා අයහපත් කාලගුණය සහ ගලබොඩ දිය ඇල්ලේ සිට මහවැලි ගගට ජලය ගලා බසිනා ගලබොඩ ඇළේ ජල ධාරිතාව ඉහළ යාම හේතුවෙන් ඊට බාධා එල්ල වුණා.

කෙසේ වෙතත් ඊයේ (04) පස්වරුවේ ගලබොඩ ඇළේ තිබූ කාන්තා මළ සිරුරක් ප්‍රදේශවාසින් විසින් සොයාගෙන ඇති අතර, පසුව පොලිසිය අතුරුදන් ව සිටි තරුණියගේ ඥාතින් සමඟ එහි පැමිණ සිදුකළ පරික්ෂා කිරීමේ දී එම සිරුර අදාළ තරුණියගේ බවට හඳුනාගෙන තිබෙනවා.

අනතුරුව සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහරෝහල වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09