ගමේ මිනිස්සු බලා සිටිද්දී ‘කොළඹින් පැමිණ’ කොවිෂිල්ඩ් එන්නත ලබාගත් හැටි

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට පිට පළාත්වලින් පැමිණි විශාල පිරිසක් ඊයේ (07) දිනයේ ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසනවා.

ගමේ පදිංචිකරුවන්ට එන්නත ලබා නොදී කොළඹින් පැමිණි ජනතාවට එන්නත ලබා දෙන බව ප්‍රදේශවාසීහු චෝදනා කළා.

එම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න මහතාගෙන් කළ විමසුමකදි මෙසේ සඳහන් කර තිබෙනවා.

“මෙම එන්නත ලැබුනේ ලංකාවේ ජනතාවට එන්නත කරන්නයි. දැන් බොහෝ ප්‍රදේශවල දෙවන මාත්‍රාව ඉවරයි.නමුත් අප කළමනාකරණය කරගෙන එන්නත් කළ නිසා ඉතිරිව තිබෙනවා. එම නිසා කොහොන් ආවත් එන්නත් ලබා දෙනවා.”