ගම්වාසීන්ගේ පහරකෑමට ලක්වූ තරුණයා සියදිවි තොර කරගනී

කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වූ බස් රථයක ගමන් කිරීමේදී නින්ද යාම නිසා රාත්‍රිය කාලයේදී වැරදීමෙන් වෙනත් ප්‍රදේශයක බැසගත් පුද්ගලයෙක් හට සොරෙක් යැයි සිතා ගම්වාසීන් විසින් පහරදී එම පහරදීම වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම නිසා පීඩාවට පත් වූ අදාළ පුද්ගලයා ගෙල වැලලා ගෙන සියදිවිනසා ගෙන ඇතැයි පුස්සැල්ලාව පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර, පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිව සිටි රාමචන්ද්‍රන් පුවනේස්වරන් (මුරලි) නමැති තිස් හතර හැවිරිදි අවිවාහකන පුද්ගලයෙක්.

කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත්ව සිට ඇති මොහු නිවාඩුවක් ලැබීමෙන් අනතුරුව රොච්චයිල්වත්ත ප්‍රදේශයේ ඔහුගේ නිවසට පැමිණෙන බවයි පැවසෙන්නේ.

පසුගිය 06 වැනිදා රාත්‍රියේ කොළඹ සිට පැමිණ ඇති මොහුට බසයේ නින්ද ගොස් ඇති අතර බසයෙන් බැසීමට තිබූ රොච්චයිල්වත්ත පසුකොට බොහෝ දුරක් ගොස් නුවරඑළිය මාර්ගයේ රම්බොඩ ප්‍රදේශයේදී අවදි වී බසයෙන් බැස තිබෙන බවත් ඒ වන විට රාත්‍රී දෙක පමණ වී තිබීමත්, යළි නිවසට යෑමට බසයක් නොමැති වීමත් නිසා රම්බෝඩ ප්‍රදේශයේ ආර්. සී. කොටසේ සිටින තම මවගේ නැගණියක් (පුංචි අම්මාගේ) නිවස මතක් වී එහි යෑමට පිටත්ව තිබෙනවා.

වසර ගණනාවකින් එම නිවසට ගොස් නොමැති මොහුට රාත්‍රියේ මාර්ගය අමතක වීම නිසා හමුවූ නිවසක දොරට තට්ටු කර ඇත්තේ එම ඉසව්ව නිවැරදිව සොයාගැනීම සඳහා වුවත් එම නිවැසියන් ඔහුව හොරෙක් යැයි සිතා කෑගැසීම නිසා අවට පදිංචිකරුවන් පැමිණ මෙම තරුණයා අල්ලා බැඳ පහර දී ඇති බවයි වාර්තාවන්නේ.

පසුව එම පුද්ගලයා කොත්මලේ පොලිසිය වෙතට භාර දී ඇති අතර පොලීසිය විසින් ඔහුගේ අනන්‍යතාව හෙළි කර ගැනීමෙන් පසු ඔහුව වෛද්‍ය පරීක්ෂණයකටද ලක් කිරීමෙන් අනතුරුව සොරකමක් අනාවරණය නොවූයෙන් පොලිස් ඇප මත නිදහස් කර තිබෙනවා.

අදාළ පුද්ගලයාගේ මිතුරන් පිරිද්සක් විසින් ත්‍රිරෝද රථයකින් ඔහුව යළි ගමට ගෙනයන අතරතුර මොහු දැඩි කලකිරීමට පත්ව සිටි බවත් පසුව මෙම මුරලි තරුණයා ඔහුගේ නිවස තුළ ගෙල වැලලා ගෙන සියදිවි හානි කර ගෙන ඇති බවටත් වර්තාවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51