ගම්මිරිස් දියර ප්‍රහාර ඊශ්‍රායලය රත් කරයි

එක්සත් ජනපදයේ කැපිටල් හිල් ඉදිරිපිට දහස් ගණනක් පලස්තීන හිතවාදීන් විරෝධතාවයේ නිරත වෙද්දී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (24) කොංග්‍රසය ඇමතුවා.

එහිදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ඊශ්‍රායලයේ සතුරා ඇමෙරිකාවේ ද සතුරෙක් වන අතර තමන්ගේ ජයග්‍රහණය ඇමෙරිකාවේ ද ජයග්‍රහණයක් බවයි.

කැපිටල් හිල් අවට අසාමාන්‍ය ලෙස දැඩි ආරක්‍ෂාවක් යොදමින් නෙත්න්යාහු අග්‍රාමාත්‍යවරයා කොංග්‍රසය ඇමතීමට පෙර සිටම බලධාරීන් අවට මාර්ග ගමනාගමනය සඳහා වසා දැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු පවරන්නන් විසින් ඉල්ලා සිටින අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් සම්බන්ධයෙන් ඊශ්‍රායල නායකයා අවශ්‍ය යුද අපරාධකරුවෙකු ලෙස ප්‍රකාශ කරන ලද බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවන් හඬ නැගුවා.

පොලිස් නියෝග කඩ කරමින් ඉදිරියට යෑමට උත්සාහ කළ විරෝධතාකරුවන්ට ගම්මිරිස් දියර ප්‍රහාර ද එල්ල කර තිබෙනවා.

ගාසා තීරයේ යුද්ධයෙන් මියගිය අය සිහිපත් කිරීම සඳහා ඔවුන් පලස්තීන කොඩිවලින් එතූ මිනී පෙට්ටි 30කට ආසන්න ප්‍රමාණයක් එහි තබා තිබුණා.

සිව්වැනි වරට කොංග්‍රසයේ ඒකාබද්ධ සැසිවාරය ඇමතූ ඊශ්‍රායල නායකයාට බොහෝ රිපබ්ලිකන් දේශපාලඥයින්ගෙන් ලැබුණේැ බාධාකාරී ප්‍රතිචාරයක්.

ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් සිවිල් වැසියන් දහස් ගනනක් මුහුණ දී සිටින මානුෂීය අර්බුදය පිලිබඳ කලකිරීම ප්‍රකාශ කරමින් ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් 39 දෙනෙක් නෙතන්යාහුගේ කතාව වර්ජනය කළා.

පැයකට වැඩි කාලයක් කතා කරමින් නෙතන්යාහු ගාසාවේ යුද්ධය තම රටේ පැවැත්ම සඳහා වන සටනක් ලෙස අර්ථ ගැන්වූවා.

දශක ගණනාවක් පුරා ඊශ්‍රායලයට ත්‍යාගශීලී යුධ ආධාර ලබා දීම සම්බන්ධයෙන් ඔහු එක්සත් ජනපදයට ස්තුතිවන්ත වුණා.

ඔහු එක්සත් ජනපද මිලිටරි ආධාර ලබා දීම වේගවත් කරන්නැයි ඉල්ලා සිටි අතර, මෙය ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීමට සහ පුලුල් කලාපීය යුද්ධයක් වැලැක්වීමට උපකාරී වනු ඇතැයි සඳහන් කළා.

දෙවන ලෝක යුද්ධ සමයේදී බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් ඇමරිකානු ජනතාවට කළ ආයාචනය උපුටා දක්වමින් ඔහු මෙසේ පැවසුවා ”අපිට උපකරණ දෙන්න, අපි වැඩේ ඉවර කරන්නම්”.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39