ගම්මිරිස් කිලෝ 2ක සොරකමකට නඩු වියදම රුපියල් ලක්ෂ 274ක්

රුපියල් 400ක් වටිනා ගම්මිරිස් කිලෝ දෙකක සොරකම වෙනුවෙන් ඇල්කඩුව වැවිලි සමාගම නඩු වෙනුවෙන් කළ වියදම රුපියල් ලක්ෂ 274ක් බවට කෝප් කමිටුවේ දී අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම සේවයකයන්ට නොගෙවූ සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවූ බවයි සඳහන් වන්නේ.

ඊට අමතරව සෙම්බුවත්ත වතු යාය තුළ පිහිටි ජලාශය නැරඹීමට පැමිණෙන පිරිසගෙන් අයකරන මුදල් යොදවන ආකාරය පිළිබඳව ද අවධානය යොමුවී තිබෙනවා.

සුදුසුකම් සපුරා නොමැති නිලධාරියෙකු කොන්ත්‍රාත් පදනම යටතේ මානව සම්පත් කළමනාකරු තනතුර සඳහා බඳවා ගැනීම සහ සාමාන්‍යාධිකාරී තනතුර සඳහා ස්ථිර නිලධාරියෙකු පත් නොකිරීම පිළිබඳව ද සාකච්ඡා වී තිබෙනවා.

සමාගම සතු කර්මාන්තශාලාවල ක්‍රියාකාරීත්වය සහ අක්‍රිය වී ඇති කර්මාන්තශාලා සම්බන්ධයෙන් කෝප් කමිටුවේ අවධානය යොමු වූ අතර හිටපු සභාපතිවරු ඇතුළු හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය ද ඉදිරියේදී කෝප් කමිටුවට කැඳවීමටයි තීරණය කර ඇත්තේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාරගේ සභාපතීත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) කැඳවා තිබුණේ ඇල්කඩුව වැවිලි සමාගමයි.

මෙහිදී 2018 සහ 2019 වර්ෂයන් සදහා විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය පිළිබද පරීක්ෂා කිරීම සිදු වුණා.

මෙහිදී පහත සදහන් කරුණු පිළිබඳවද අවධානය යොමුවී තිබෙනවා.

රුපියල් 400 වටිනා ගම්මිරිස් කිලෝ දෙකක සොරකම වෙනුවෙන් වියදම් කළ නඩු වියදම රුපියල් ලක්ෂ 274 ක් බව හෙලි වේ.

රුපියල් 400 වටිනා ගම්මිරිස් කිලෝ දෙකක සොරකම වෙනුවෙන් වියදම් කළ නඩු වියදම රුපියල් ලක්ෂ 274 ක් බව මෙහිදී අනාවරණය වීම සිදු විය. පැමිණ සිටි කෝප් කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන් මේ පිළිබඳ විමසූ අතර ඇල්කඩුව වැවිලි සමාගම නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් මෙය සත්‍යක් බව පිළිගන්නා ලදි. නමුත් නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම නඩුව පැවරීම සිදු වී ඇත්තේ 2014 වර්ෂයේදී පමණ බවයි. මේ නිසා වර්තමානයේ මෙම ආයතනයේ සිටින නිලධාරීන්ගේ සම්බන්ධයක් මේ වෙනුවෙන් නැති බව ඔවුහු සඳහන් කළහ. මේ අනුව මෙම නඩු පැවඍීම වෙනුවෙන් කටයුතු කළ නිලධාරීන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගත යුතු බව කෝප් කමිටුවේ අදහස විය. එසේම මෙම කාලසීමාව තුළ සිටි අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු නිලධාරීන් කෝප් කමිටුවෙට ඉදිරියේදී කැඳවන බවද මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේය.

සේවයකයන්ට නොගෙවූ සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පිළිබඳ අවධානය යොමුවේ.

සේවයකයන්ට නොගෙවූ සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පිළිබඳවද කෝප් කමිටුවේ අවධානය මෙහිදී යොමු විය.මේ අනුව 2022 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා රු. 9,284,933ක සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල්, රු. 113,618,008ක සේවක අර්ථසාධක අරමුදල්, රු. 5,828,972ක වතු සේවකයින්ගේ අර්ථසාධක අරමුදල් හා රු. 8,370,625ක ලංකා වැවිලිකරුවන්ගේ අර්ථසාධක අරමුදල් නොගෙවා ඇති බව මෙහිදී අනාවරණය විය. මෙහිදී පැමිණි නිලධාරීන් සඳහන් කළේ පසුගිය වසර 3 ඇතුළත මෙම මුදලෙන් රුපියල් මිලියන 215ක් ගෙවා ඇති බවයි. ඉදිරි මුදලද මාසිකව ගෙවීමට කටයුත් කරන බවත් නිලධාරීහු සඳහන් කළහ. මේ අනුව කෝප් කමිටුව මාස 3ක් ඇතුළත මෙම මුදල් ගෙවන ආකාරය පිළිබඳ නිවැරදි සැලැස්මක් කෝප් කමිටුවට ලබාදීමට නිර්දේශ කළේය.

සෙම්බුවත්ත වතු යාය තුළ පිහිටි ජලාශය නැරඹීමට පැමිණෙන පිරිසගෙන් අයකරන මුදල් යොදවන ආකාරය සම්බන්ධයෙන් අවධානය

සෙම්බුවත්ත වතු යාය තුළ පිහිටි ජලාශය නැරඹීමට පැමිණෙන පිරිසගෙන් අයකරන මුදල් යොදවන ආකාරය පිළිබඳ කෝප් කමිටුවේ අවධානය යොමු විය. මෙහිදී ජලාශය නැරඹීමට පැමිණෙන පුද්ගලියින්ගෙන් ප්‍රවේශ පත්‍ර මගින් අයකරන මුදල් ප්‍රමාණය මසකට රු. මිලියන 4ක් පමණ බවත් මෙහිදී සඳහන් විය. පැමිණ සිටි නිලධාරීන් සඳහන් කෆල් මෙම මුදල් වෙනම ගිණුමකට බැර කිරීමට කටයුතු කරමින් පවතින බවයි. මේ අනුව මේ සම්බන්ධයෙන් වාර්තාවක් කෝප් කමිටුවට ලබා දෙන ලෙස කමිටු සභාපතිවරයා මෙහිදී නිර්දේශ කළේය.

සුදුසුකම් සපුරා නැති නිලධාරියෙකු කොන්ත්‍රාත් පදනම යටතේ මානව සම්පත් කළමනාකරු තනතුර සඳහා බඳවා ගැනීම

සුදුසුකම් සපුරා නැති නිලධාරියෙකු කොන්ත්‍රාත් පදනම යටතේ මානව සම්පත් කළමනාකරු තනතුර සඳහා බඳවා ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. එසේම මෙම නිලධාරියා සමිබන්ධයෙන් දූෂණ සහ අක්‍රමිකතා චෝදනා විශාල ප්‍රමාණයක් ඇති බවද මෙහිදී කෝප් කමිටුව පෙන්වා දෙන ලදි. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම නිලධාරියා 2019 වර්ෂයේදී පත් කොට ඇති බවත් වර්තමාන සභාපතිවරයා මෙම පත් කිරීමට සම්බන්ධ නැති බවත්ය. එසේම මෙම පුද්ගලයා නඩු 136 ක් සම්බන්ධයෙන් ශරීර ඇප මත සිටින බවද මෙහිදී පැමිණි නිලධාරීන් සඳහන් කළේය. මේ අනුව එම පත්කිරීම සිදු කළ කාලසීමාව තුළ සිටි සභාපතිවරයා ඇතුළු නිලධාරී මණ්ඩලයද කෝප් කමිටුවට ඉදිරියේදී කැඳවීමට කෝප් කමිටුව තීරණය කළේය.

සාමාන්‍යාධිකාරී තනතුර සඳහා ස්ථිර නිලධාරියෙකු පත් නොකිරීම

සාමාන්‍යාධිකාරී තනතුර සඳහා ස්ථිර නිලධාරියෙකු පත් නොකිරීම පිළිබඳවද කෝප් කමිටුවේ අවධානය යොමු විය. මෙහිදී පැමිණි නිලධාරීන් සඳහන් කළේ නව කළමනාකාරීත්වය පත් වන විටත් වැඩබලන සාමාන්‍යාධිකාරීවරයෙක් සේවය ආවරණය කරමින් සිටි බවයි. නමුත් පසුගිය කාලසීමාව රටේ පැවති ආර්ථික තත්ත්වය හේතුවෙන් මෙම පත් කිරීම සිදු කිරීමට නොහැකි වූ බවද නිලධාරීහු සඳහන් කළේය. මේ නිසා ඉදිරි මාස 2ක් 3ක් ඇතුළත මෙම පත්කිරීම සිදු කිරන බව නිලධාරීන් කෝප් කමිටුවට සඳහන් කළේය.

සමාගම සතු කර්මාන්තශාලාවල ක්‍රියාකාරීත්වය සහ අක්‍රිය වී ඇති කර්මාන්තශාලා සම්බන්ධයෙන් අවධානය

සමාගම සතු කර්මාන්තශාලාවල ක්‍රියාකාරීත්වය සහ අක්‍රිය වී ඇති කර්මාන්තශාලා සම්බන්ධයෙන්ද කෝප් කමිටුවේ අවධානය යොමි විය. මෙහිදී කර්මාන්තශාලා දෙකක් බදු දී ඇති බවත් එසේම අවුරුදු 20 කට 25කට ඉහතදී වසා ඇති කර්මාන්තශාලා නැවත ක්‍රියාත්මක කරවීමට විශාල මුදලක් වැය වන බවද මෙහිදී පැමිණ සිටි නිලධාරීහු පෙන්වා දුන්හ. එසේම කර්මාන්තශාලාවක් සම්බන්ධයෙන් නඩු කටයුත්තක් පවතින බවද මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්හ. එසේම මූල්‍ය වාර්තා ප්‍රමාද වීම පිළිබඳවද මෙහිදී කෝප් කමිටුව විමසා බැලීම සිදු විය. තවද මාස 4ක් ඇතුළත මෙම ආයතනය නැවත කෝප් කමිටුවට කැඳවන බවද කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54