spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගම්මන්පිලට එරෙහිව පනවා තිබූ විදේස් ගමන් තහනම ඉවතට

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් රුපියල් මිලියන 20 කොටස් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (31) දින නියෝග කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතාධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා ආචාර්ය උපාධියක් හැදෑරීම සඳහා ඔස්ට්‍රේලියාවට යාමට සිදුව ඇති බැවින් ඔහුට අදාළ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය ගම්මන්පිල මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙසත් අද නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?