ගම්මන්පිලට අමාත්‍යංශ ලේකම්වරියගෙන් චරිත සහතිකයක්

සාමාන්‍යයෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන් ඇමතිවරුන්ට චරිත සහතික දෙන්න යන්නේ නැහැ.

එහෙත් බලශක්ති අමාත්‍යංශ ලේකම්වරිය වන කේ.ඩී.ආර්.ඔල්ගා මහත්මිය හිටපු බලශක්ති අමාත්‍යවරයාගේ අවංකභාවය ගැන ප්‍රසිද්ධියේම චරිත සහතිකයක් ලබා දුන්නා.

ඒ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු ගම්මන්පිල මහතා අමාත්‍යංශ පරිශ්‍රයට පැමිණ තමන් සමග වැඩ කටයුතු කළ පිරිස මුණ ගැසී ස්තුති කළ අවස්ථාවේ.

එහිදී ලේකම්වරිය ගම්මන්පිල මහතාට දුන්නේ මෙන්න මෙවැනි චරිත සහතිකයක්.

“සමහරු එලියේ ඉඳගෙන මෙතුමාට යම් යම් මඩ ව්‍යාපාර ගෙනියනවා. විශේෂයෙන්ම ටෙන්ඩර් ගැන. මෙතුමාට කියනවා දූෂිතයි.දූෂිත ගනුදෙනු වගේ ඒ වගේ කියනවා.”

“අමාත්‍යංශ ලේකම්වරිය වශයෙන් මම මෙතැන ඉඳන් නොබියව කියනවා එතුමා කොයිම වෙලාවකවත් මේ අපේ ටෙන්ඩර් වලට කිසිම විදියකින් මැදිහත් වුණේ නැහැ.අපිට තීරණ ගැනීමේ සම්පූර්ණ නිදහස තිබුණා.”

ගම්මන්පිල මහතාට බලශක්ති අමාත්‍යාංශයේ ටෙන්ඩර් සම්බන්ධයෙන් එවැනි චෝදනා එල්ල වූ බවක් ප්‍රසිද්ධ වී තිබුණේ නැහැ.

එනිසා ලේකම්වරිය කළ මෙම ප්‍රකාශයෙන් ටෙන්ඩර් මගඩි සම්බන්ධයෙන් ගම්මන්පිල මහතාට චෝදනා තිබූ බවක් සනාථ වනවා.

එසේ කියන අමාත්‍යාංශ ලේකම්වරිය ගම්මන්පිල මහතා සමග වැඩ කර තිබෙන්නේ වසර එක හමාරක පමණ කාලයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !