ගම්මන්පිලගේ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 24 වැනිදා නැවත කැදවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.

පෙත්සම්කාර උදය ගම්මන්පිල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීකරයි මනෝහර ද සිල්වා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා.

කෙසේ වෙතත් උදය ගම්මන්පිල මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගෙන නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

තමන්ව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත් සූදානම් වන බවත් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවෙයි.

එහිදී පෙත්සම්කාර උදය ගම්මන්පිල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විදේශගතව සිටින සිය සේවාදායකයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින බවත් එසේ පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපොලේ දී ඔහු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවත් පෙන්වා දුන්නා.

එම අවස්ථාවේදී වග උත්තරකාර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා අධිකරණයට දැනුම් දුන්නේ පෙත්සම්කාර උදය ගම්මන්පිලව මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට වග උත්තරකරුවන් විසින් තීරණයක් ගෙන නොමැති බවයි. විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බවත් අවසන් තීන්දුවක් ගැනෙන්නේ විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසුව බවත් ඔහු සඳහන් කර සිටියේ,

ඒ අනුව පෙත්සම සලකා බැලීම ලබන 24 වැනිදා දක්වා කල් තැබීමටද අධිකරණය තීන්දු කළා.

පෙත්සම්කරු කියා සිටින්නේ ශාන්ත සමරවීර නමැති පුද්ගලයෙකුගේ අතුරුදන් වීමක් සම්බන්ධයෙන් ඉකුත් ජූලි මස 28 වැනිදා හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බවයි.

LTTE සංවිධානයේ ත්‍රිකුණාමලයේ හිටපු නායකයෙකු මෙන්ම එම දිස්ත්‍රික්කයේ හිටපු බුද්ධි අංශ නායකයකු වන සෙල්වතම්බි මහේන්ද්‍රන් නමැත්තා ලබාදුන් ප්‍රකාශයක් මත හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඔහු පවසනවා.

ඉකුත් අගෝස්තු මස 05 වැනි දා මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වූ තමා හිටපු නාවික හමුදාපතිවරයා LTTE සංවිධානයේ නායකයකුගේ ප්‍රකාශයක් මත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කළ බවත් පොලිසිය විසින් අනීතික ලෙස හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙන බව තහවුරු කෙරෙන කරුණු එහිදී තමන් ඉදිරිපත් කළ බවත් පෙත්සම්කරු සඳහන් කළේ.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී තමා කිසිදු ජනවර්ගයකට හෝ ආගමකට බලපෑම් වන ආකාරයේ නොසන්සුන් වන ආකාරයේ ප්‍රකාශයක් නොකළ බවත් ඔහු කියා සිටියේ.

පෙත්සම්කරු පවසන්නේ හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න අත්අඩංගුවට ගැනීම පිටුපස ශ්‍රී ලංකාව තුළ සහ ඉන් පිටත ජීවත් වන බෙදුම්වාදී LTTE හිතවාදීන් සිටින බවයි.

එමඟින් මෙරට සන්නද්ධ හමුදාවන්ගේ කීර්ති නාමයට කැළලක් ඇති කිරීමටත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ මෙරට සන්නද්ධ හමුදාවන්ට එරෙහිව පදනම් විරහිතව එල්ල කරන ලද යුද අපරාධ චෝදනා සාධාරණීකරණය කිරීමට ඔවුන් උත්සාහ කරන බවට තමා විශ්වාස කරන බවත් පෙත්සම්කරු කියා සිටියා.

මේ අතර අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී තමන් ඉදිරිපත් කළ කරුණු වලට අදාළව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ තමන්ට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවට ඉකුත් 27 ජනමාධ්‍ය විසින් පළ කළ වාර්තා තුළින් තමන් දැනගත් බවත් ඔහු සඳහන් කර සිටිනවා.

වග උත්තරකරුවන් විසින් ඇප රහිතව තමන්ව රිමාන්ඩ් භාරයට පත් කර ගැනීම සඳහා මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බවත් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත අවභාවිතාවට ලක් කරමින් තමන්ව අත්අඩංගුවට ගැනීමට වග උත්තරකරුවන් සූදානම් වන බවත් පෙත්සම්කරු සඳහන් කර සිටියා.

මේ වනවිට අධ්‍යයන කටයුත්තක් සඳහා තමන් විදේශගතව සිටින බවත් තමන් දිවයිනට පැමිණෙන අවස්ථාවේදීත් තමන්ව වග උත්තරකරුවන් විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට විශ්වාසදායක තොරතුරු ලැබී තිබෙන බවත් පෙත්සම්කාර උදය ගම්මන්පිල සදහන් කළේ.

ඒ අනුව අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී තමන් පළකළ අදහස් පදනම් කරගෙන තමන්ව අත් අඩංගුවට ගැනීමට වග උත්තර කරුවන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව අත්අඩංගුවට ගැනීමකින් තොරව තමන්ට දිවයිනට පිවිසීමට අවසර දෙන ලෙස වග උත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එම අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා අධිකරණයට දැනුම් දුන්නේ පෙත්සම්කාර උදය ගම්මන්පිල මහතාව මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් තීරණයක් ගෙන නොමැති බවයි.

විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බවත් අවසන් තීන්දුවක් ගැනෙන්නේ ඉන් පසුව බවත් ඔහු සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38