ගම්පොළ මුදල් තැන්පතු යන්ත්‍රය ඉස්සූ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

ආයුධ සන්නද්ධව ගම්පොල නගරයේ පුද්ගලික බැංකුවකට කඩා වැදී එහි තිබූ රුපියල් හැත්තෑ හය ලක්ෂයක් අඩංගු මුදල් තැන්පතු යන්ත්‍රය පැහැර ගෙන සැකකරුවන් 7 දෙනාගෙන් 6 දෙනෙකු පැය 48 රඳවා ප්‍රශ්න කිරීමට ගම්පොල ප්‍රධාන මහේස්ත්‍රාත් අද පොලිසිය අවසර ලබාදී තිබෙනවා.

සැකකරුවන් හත් දෙනා අතර එකම පවුලේ නිවුන්නු සහෝදරයන් දෙදෙනකු ද සිටින බවයි පොලිසිය පවසන්නේ.

කොල්ලකන ලද මුදල්වලින් රුපියල් 18,70,000ක් හා ඔවුන් එම මුදල්වලින් මිලදී ගත් වෑන් රථයක්, යතුරුපැදියක්, රන් මාල දෙකක්, රන් මුදුවක්,ජංගම දුරකථන තුනක් ඇතුළු භාණ්ඩ රැසක් ද සොයාගෙන පොලිසිය සොයාගෙන තිබෙනවා.

සොරකම් කරණ ලද යන්ත්‍රය ගලහා හාල්වත්ත ප්‍රදේශයේ ගල්වළක් ආසන්නයේ මීටර් 100ක පමණ ප්‍රපාතයට දමා තිබී සොයාගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.

මෙම සැකකරුවන්ගෙන් දෙදෙනෙකු පුත්තලම ප්‍රදේශයේදීත් තවත් දෙදෙනෙකු ගම්පොළ ප්‍රදේශයේදී සහ අනෙක් තුන්දෙනා දෙල්තොට හා ගලහ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගැණුනා.

මෙම කොල්ලකෑම සඳහා යොදාගත් පිස්තෝලය මෙහි ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී සොයාගෙන ඇති අතර එම ගිනි අවිය පසුගිය වසරේ අරගල සමයේදී පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්රි රහීම් මහතාගේ නිවස ගිනි තැබීමේදී සොරකම් කරන ලද එකක් බව පොලිසිය හෙළිකරගෙන තිබෙනවා.

මෙම බැංකු මංකොල්ලය පසුගිය ජනවාරි මස 24 දින අලූයම එකට පමණ සිදුව තිබුණා.

මේ සඳහා පැමිණ තිබූ සුඛෝපභෝගී වෑන් රථය හා රියදුරු ද අත්අඩංගුවට ගෙන තිබූ අතර පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ මෙම මංකොල්ලකරුවන් එම වෑන් රථය කුලී පදනම මත රැගෙන ඇති බවත් මෙම මංකොල්ලයට සම්බන්ධ නොමැති බවයි.

මෙම පුද්ගලයන් දෙසැම්බර් මස 6 වනදා ගලහ ප්‍රදේශයේ පිහිටි සමෘද්ධි බැංකුවක් කඩා මුදල් සෙප්පුව රැගෙන යාමට උත්සාහ කර ඇති අතර එය සොරකම් කිරීමට නොහැකි වීම හේතුවෙන් එම බැංකුවේ තිබූ ප්‍රොජෙක්ටර් යන්ත්‍ර දෙකක් සොරාගෙන ගොස් තිබූ බවට ද හෙළිවී තිබෙනවා.

එමෙන්ම මෙම සැකකරුවන් පිරිස ගලහ ප්‍රදේශයේ ස්වර්ණාභරණ මධ්‍යස්ථාන දෙකක් බිඳ දේපළ සොරාගෙන ඇති බවට ද හෙළිවී ඇති බවයි පොලිසිය කියාසිටියේ.

සැකකරුවන් සිදු කර ඇති මෙම අපරාධවලට අදාළ දේපළ සොයා ගැනීමට මෙන්ම මෙම සැකකරුවන් තවත් අපරාධ සිදු කර ඇත් ද යන්න සම්බන්ධයෙන් සිදු කරන වැඩිදුර විමර්ශනවලට අදාළවයි පොලිසිය අධිකරණයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇත්තේ.

මෙම සැකකරුවන් හත්දෙනා අතුරින් එක් අයෙකු ඇප මත නිදහස් කර තිබෙනවා.

Police1
Police2 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03