ගම්පොළ බසයක් තුළ දී පුද්ගලයෙකු පැහැරගත් පිරිස අල්ලයි – පෞරාණික කඩුවත් පොලිස් භාරයේ (ඡායාරූප)

පසුගිය 24 වනදා අලුයම් කාලයේ දී බස් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ගම්පොළ, ජයමාලපුර ප්‍රදේශයේ දී පහර දී වෑන් රථයකින් පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් 05 දෙනෙක් කොළඹ ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම පැහැරගැනීමට ඔවුන් පැමිණි වෑන් රථය සහ පැහැරගැනීමේ සිද්ධියට මුල් වී ඇති පෞරාණික යැයි සැකකරන කඩුවක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් මේ වනවිට ගම්පොළ පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පිරිස අතර කාන්තාවක් ද වන බවයි වාර්තා වුණේ.

මාවෙල සිට මහනුවර දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් ජයමාලපුර ප්‍රදේශයේදී වෑන් රථයක් හරස්ර නවත්වා බසයට ගොඩ වූ පිරිසක් එම බස් රථයේ ගමන් කරමින් සිටි හේමන්ත රාජපක්ෂ නැමැති පුද්ගලයෙක් පසුගිය 24 වනදා පැහැරගෙන ගොස් තිබුණා.

මෙලෙස පැහැරගත් පුද්ගලයා කොළඹ – ඔරුගොඩවත්ත ප්‍රදේශයට රැගෙන ගොස් පහර දී, එහිදී ඔහු විසින් අලෙවි කර තිබූ කඩුවක් සම්බන්ධයෙන් තොරතුරු විමසා එය අලෙවිකර පුද්ගලයාගෙන් එය ලබා ගැනීමට අදාළ පිරිස කටයුතු කර තිබුණා.

ඒ, අතරවාරයේ පහර ගැනීමට ලක්වූ පුද්ගලයා ඔවුන්ගෙන් මිදී ගම්පොළ ප්‍රදේශයට පැමිණ සිද්ධිය පිළිබඳව ගම්පොළ පොලීසියට පැමිණිලිකර තිබූ බවයි ඊයේ (25) වාර්තා වුණේ.

අනතුරුව විමර්ශන සිදුකළ පොලිසිය සිද්ධියට සම්බන්ධ කොළඹ ප්‍රදේශයේ විවිධ ස්ථානවල සිටි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.

එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද (26) දිනයේ දී ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් කඩුව පෞරාණික වටිනාකමක් තිබේ ද යන්න සොයා බැලීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත භාරදීමට පියවර ගන්නා බව පොලිසිය පැවසුවා.

  1. MEHI KISISDU PAWURANIKA WATINAKAMA NETHA. MEYA NUWARA KENEK. EKE PILIMATHALAYE PITHTHALA KARMANTHAYA ITHAMA DIYUNUYI. MEKE MITA HADALA THIYENNE EHE. NUWARA YUGAYE KETAYAM KALAWA BOHOMA DIYUNUYI, MEKE MITE THIYENA KETAYAK BOHOMA PRATHAMIKAYI. MEKE THALAYA PITA RATAKA METHAKADHI HADAPU EKAK. RAMBO PIHIYAKA WAGEYI KATTA DALA. APE RATEYI HARIMA KALATHURAKIN THAMAYI EHEMA KATTA DANNE. THALAYA UNU KARALA EKAMA KAPALA DEPATHTHATA NAWALA. APE AYYALA MEETA WADA HORA WEDA WALATA DASHAYI. MEKA GANIPU EKA GONA MAMA O/L WALATA ARTS KALA EKEK. APE GURUTHUMIYA KISI DAWASAKA MEHEMA KALAWAK KIYALA DEELA NAHE. DAN ETHUMIYA PARALOWA GIHIN ATHI.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56