ගම්පොළ – උඩපළාතේ ප්‍රාදේශීය ලේකම්වරියට මන්ත්‍රී වරප්‍රසාද යටතේ නඩු (වීඩියෝ)

ගම්පොළ, උඩපළාත ප්‍රාදේශීය ලේකම්, ආත්මා දිලුක්ෂි ජයරත්න මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට, පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව නිර්දේශ කර තිබෙනවා.

ඒ ප්‍රාදේශීය ලේකම්වරිය අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතාගේ මන්ත්‍රී වරප්‍රසාද කඩ කර ඇති බවට, පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව තීරණය කිරීම හේතුවෙන්.

අම්බුළුවාව ජෛව විවිධත්ව සංරක්ෂණ භුමිය ඇතුළු ගම්පොළ නගරය අවට පිහිටි වටිනා මහජන දේපළ කිහිපයක් කිසියම් පෞද්ගලික භාරයක් විසින් අත්පත් කරගෙන භුක්ති විඳිද්දී අදාළ මහජන දේපල සම්බන්ධයෙන් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමට ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න මහත්මිය දැරූ උත්සාහය හේතුවෙන් ඇය පිළිබඳ සාකච්ඡාවක් ඇති වුණා.

ගම්පොළ සංස්කෘතික මධ්‍යස්ථානය සඳහා වෙන්කර ඇති භූමිය සහ රජයේ වියදමින් ඉදිකළ සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිලි අනුරාධ ලංකා ජයරත්න නමැති අයකු විසින් තවත් අයට කුලීයට දෙමින් ආදායම් උපයද්දී, එසේ අයථා ලෙස ආදායම් උපයන අනුරාධ ලංකා ජයරත්න නමැත්තාට 2023.12.12 දින හෝ ඊට පෙර එම දේපලවලින් ඉවත්වන ලෙස දන්වා ප්‍රාදේශීය ලේකම්වරිය විසින් එම දේපලවල දැන්වීම් ඇලවීමට ද කටයුතු කළා.

අම්බුළුවාව ජෛව විවිධත්ව සංරක්ෂණ භුමිය ඇතුළු මහජන දේපළ අවභාවිතය සම්බන්ධයෙන් නීත්‍යානුකූලව පියවර ගන්නා ලෙස ඉල්ලමින් ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න මහත්මිය විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කළ ද ඇයට ලැබුණේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචිතය වෙත ස්ථාන මාරුවක්.

කෙසේ නමුත් අදාළ ස්ථාන මාරුව ලබාදීමට එරෙහිව පුළුල් මහජන විරෝධයක් නැගුණු අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය නොලැබීම හේතුවෙන් උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරියට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු කෙරුණා.

ඒ් සමගම අම්බුළුවාව ජෛව විවිධත්ව සංරක්ෂණ මධ්‍යස්ථානය සම්බන්ධයෙන් වසර 10ක විගණන වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරමින්, එම වාර්තා මගින් අනාවරණය කර ඇති මූල්‍ය වංචා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ද ප්‍රාදේශීය ලේකම්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.

එසේම ගම්පොළ සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිකර ඇති ඉඩම සම්බන්ධයෙන් ගම්පොළ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ ඇති ලේඛනවල ඇති සැක සහිත කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ද ප්‍රාදේශීය ලේකම්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණා.

ප්‍රදේශයේ රජයේ නියෝජිතවරිය ලෙස නීත්‍යානුකූලව මෙම රාජකාරි ඉටු කිරීමේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කරන සියලු දැනුම් දීම් ජනාධිපති ලේකම්වරයාට සහ අගමැති ලේකම්වරයාට ද දැනුම් දීමට ඇය පියවර ගෙන තිබෙනවා.

ප්‍රාදේශීය ලේකම්වරිය දැනුම් දුන් මහජන දේපළ අවභාවිතයන් හෝ මූල්‍ය වංචා වැළැක්වීමට රජයේ විමර්ශන ආයතන හෝ අමාත්‍යාංශ ක්‍රියාත්මක නොවුණත් ප්‍රාදේශීය ලේකම්වරිය තම වරප්‍රසාද කඩකර ඇති බවට රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පසුගිය පෙබරවාරි මස 9 වැනිදා මතුකළ වරප්‍රසාද ප්‍රශ්නය සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මක වී තිබීම විශේෂත්වයක්.

මන්ත්‍රීවරයකුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අපහාසාත්මකව ප්‍රකාශයක් පළ කිරීම යන වරද සම්බන්ධයෙන් පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත යටතේ කරන ලද පරීක්ෂණයකින් ප්‍රාදේශීය ලේකම්වරිය රාජ්‍ය අමාත්‍ය අනුර ජයරත්න මහතාගේ මන්ත්‍රී වරප්‍රසාද කඩ කර ඇති බව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව නිර්දේශ කර ඇතැයි සිද්ධිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරමින් සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

  1. මෙවට පුපෙන් හිනා ඔයී…

    අර මනුස්සයට නීතිය හදිසියෙම ක්‍රියාත්මක කරන්න තියන උවමනාවක්
    මේක ලංකාව නේ.. නේ. නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39