spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගම්පහ බිහිසුනු රිය අනතුර

ගම්පහ, අස්ගිරි වල්පොළ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පියෙකු සහ දියණියක මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියක් සහ බවුසර් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇති බවය.

අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 06ක් වයසැති දැරියක් සහ 42 හැවිරිදි ඇයගේ පියා බව පොලීසිය පැවසුවේය.

ඔවුන් ගම්පහ උග්ගල්බොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අය වේ.

යතුරුපැදිකරුගේ හා බවුසර් රථයේ රියදුරුගේ අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති බව පොලිසීය සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?