spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් අවදානම ඉහළට

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් 289 දෙනෙකු වාර්තා වී ඇති බවත්, මින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වන 93 දෙනෙකු මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තාවී ඇති බවත්, ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මේ අතර, මහර කොට්ඨාසයෙන් 39 ක්, අත්තනගල්ල 30 ක්, මිනුවන්ගොඩ 25 ක්, ගම්පහ 22 ක්, දිවුලපිටිය 21 ක්, රාගම 16 ක්, සීදුව 12 ක්, කටාන 8 ක්, කැලණිය හා දොම්පේ 6 ක්, බියගම 5 ක්, ජා-ඇල 4 ක් සහ වත්තල කොට්ඨාසයෙන්  දෙදෙනෙකු වශයෙන් ද, කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇති බවත්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වාර්තා සදහන් කරයි.

මෙම ආසාදිතයන් අතරින්, ගතවූ පැය 24 ක කාලය තුළ, ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන  වෙත 58 දෙනෙකු යොමු කොට ඇති අතර, මින් 42  දෙනෙකු ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.එම කාලය තුළ, කටුනායක නිදහස් ආයෝජන කලාපයෙන් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු හමුව ඇති අතර, පළමු පෙළ ආශ්‍රිතයන් 1991 දෙනෙකු නිරෝධානයට ලක් කිරීමට පියවර ගෙන තිබෙන බවත්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වැඩි දුරටත් වාර්තා සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?