ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් අවදානම ඉහළට

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් 289 දෙනෙකු වාර්තා වී ඇති බවත්, මින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වන 93 දෙනෙකු මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තාවී ඇති බවත්, ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මේ අතර, මහර කොට්ඨාසයෙන් 39 ක්, අත්තනගල්ල 30 ක්, මිනුවන්ගොඩ 25 ක්, ගම්පහ 22 ක්, දිවුලපිටිය 21 ක්, රාගම 16 ක්, සීදුව 12 ක්, කටාන 8 ක්, කැලණිය හා දොම්පේ 6 ක්, බියගම 5 ක්, ජා-ඇල 4 ක් සහ වත්තල කොට්ඨාසයෙන්  දෙදෙනෙකු වශයෙන් ද, කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇති බවත්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වාර්තා සදහන් කරයි.

මෙම ආසාදිතයන් අතරින්, ගතවූ පැය 24 ක කාලය තුළ, ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන  වෙත 58 දෙනෙකු යොමු කොට ඇති අතර, මින් 42  දෙනෙකු ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.එම කාලය තුළ, කටුනායක නිදහස් ආයෝජන කලාපයෙන් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු හමුව ඇති අතර, පළමු පෙළ ආශ්‍රිතයන් 1991 දෙනෙකු නිරෝධානයට ලක් කිරීමට පියවර ගෙන තිබෙන බවත්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වැඩි දුරටත් වාර්තා සඳහන් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32