spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගම්පහ කොල්ලයේ සැකකරු පොලිස් වෙඩි පහරින් නසී

ගම්පහ – කොටුගොඩ ප්‍රදේශයේ දී පොලිසිය සිදුකළ වෙඩිතැබීමකින් මනුෂ්‍ය ඝාතන සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙලෙස පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගම්පහ – පහළගම ප්‍රදේශයේ මාර්ගයක ගමන් ගත් කාන්තාවකගේ බෑගය සහ රන් මාලයක් කොල්ල කෑ සිද්ධියේ දී, එය වැළැක්වීමට උත්සාහ කළ ඇගේ පුත්‍රයාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ කොල්ලකරු බවයි පොලිසිය පැවසුවේ.

මෙම ප්‍රහාරයෙන් අදාළ කාන්තාවගේ සැමියා ද බරපතල තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ (29) දිනයේ අත්අඩංගුවට ගැනීමට පොලීසිය ගොස් ඇති අතර එහිදී සැකකරු විසින් පොලීසියට මන්නයකින් කොටා ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේදී පොලීසිය එල්ලකළ වෙඩි පහරකින් සැකකරු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කළ බව පොලීසිය සඳහන් කළේ.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පහළගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, සැකකරු දැඩිලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි අයෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
42
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?