ගම්පහ කොල්ලයේ සැකකරු පොලිස් වෙඩි පහරින් නසී

ගම්පහ – කොටුගොඩ ප්‍රදේශයේ දී පොලිසිය සිදුකළ වෙඩිතැබීමකින් මනුෂ්‍ය ඝාතන සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙලෙස පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගම්පහ – පහළගම ප්‍රදේශයේ මාර්ගයක ගමන් ගත් කාන්තාවකගේ බෑගය සහ රන් මාලයක් කොල්ල කෑ සිද්ධියේ දී, එය වැළැක්වීමට උත්සාහ කළ ඇගේ පුත්‍රයාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ කොල්ලකරු බවයි පොලිසිය පැවසුවේ.

මෙම ප්‍රහාරයෙන් අදාළ කාන්තාවගේ සැමියා ද බරපතල තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ (29) දිනයේ අත්අඩංගුවට ගැනීමට පොලීසිය ගොස් ඇති අතර එහිදී සැකකරු විසින් පොලීසියට මන්නයකින් කොටා ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේදී පොලීසිය එල්ලකළ වෙඩි පහරකින් සැකකරු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කළ බව පොලීසිය සඳහන් කළේ.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පහළගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, සැකකරු දැඩිලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි අයෙකු බවයි අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04