ගම්පහින් ආරම්භවන බස් මාර්ග කිහිපයක පෞද්ගලික බස් ධාවනය නවතී

ගම්පහ සහ කොළඹ, ගම්පහ සහ කඩුවෙල ඇතුළු මාර්ග කිහිපයක පෞද්ගලික බස් රථ ගමන් වාර නවතා දැමීමට කටයුතු කර ඇති බව ගම්පහ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

ඇතැම් ස්ථානවල බස් රථ නතර කිරීමට ඉඩ නොදීම හේතුවෙන් බස් රථ හිමියන් ඊට විරෝධය පළ කිරීමට මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි වාර්තා වුණේ.