ගමන් කරමින් තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනි ගනී (වීඩියෝ)

හාලිඇල ප්‍රදේශයේදී මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ හාලිඇල සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ මෙම මෝටර් රථය අද පස්වරු 5ට පමණ හාලිඇල ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිටදී ගිනි ගැනීමට ලක්වූ බවයි.

එම අවස්ථාවේ මෝටර් රථයේ දෙදෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන්ට අනතුරක් සිදුවී නැහැ.

හාලිඇල ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් ගින්න පාලනය කර තිබෙනවා.

මෝටර් රථයේ ගින්න ඇතිවීමට නිශ්චිත හේතුවක් අනාවරණ වී නැහැ.