ගමන් කරමින් තිබු බස් රථය තුළදී තරුණියක් අතවර කරලා

හොරොව්පතාන ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ගමන් කරමින් සිටි 19 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කළ දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ජුලී මස 06 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.