ගබඩා ඇරියත් වී තොග එන්නේ නැහැ – වී අලෙවි මණ්ඩලය

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා ගබඩා විවෘත කර තැබුව ද වී තොග නොලැබෙන බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

රතු නාඩු වී තොග පමණක් විවෘත කර ඇති ගබඩාවලට ලැබෙන බවයි වී අලෙවි මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව මේ වනවිට රතු නාඩු වී කිලෝග්‍රෑම් ලක්ෂ 11ක් ගොවීන්ගෙන් මිල දී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දිස්ත්‍රික්ක 13ක වී මිලදී ගැනීම සඳහා ගබඩා 37ක් මේ වනවිට විවෘත කර තිබෙනවා.

මේ අතර මහ කන්නයේ වී මිලදී ගැනීම රජය පසුගිය දා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළා.

ඒ, අනුව වී මෙට්‍රික් ටොන් 9000ක් මිලට ගැනීමට වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 1000ක් ලැබී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted