ගනේමුල්ල සංජීවගේ සිද්ධියට ඇල්ලූ තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන පැය 24ක කාලයක් පොලිස් භාරයේ රඳවා තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු ලබන 7 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද ( 24) නියෝග කළා.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලද එම සැකකරුවන් තිදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ නියම කළ බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ගනේමුල්ල සංජීව ඝාතනය සිදුකළ වෙඩික්කරු ප්‍රවාහනය කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු වන පිල්ලේපෙරුම ආරච්චිගේ දමිත් අංජන නයනජිත් (25) සහ පිල්ලේපෙරුම ආරච්චිගේ චමෝද් ගිම්හාන (19) මෙන්ම ගිනිඅවිය වෙඩික්කරුට ලබා දුන් බව කියන ගම්පොළ ප්‍රදේශයේ පදිංචි හොරණෑකාරගේ දමිදු ලක්ෂාන් (22) යන සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මෙම සැකකරුවන් තිදෙනා පැය 24 කාලයක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි පියවර ගැනුණේ.

මෙම ඝාතනය සිදුවීමට දින පහකට පමණ පෙර (ඉකුත් 18) දමිදු ලක්ෂාන් නමැති සැකකරු විසින් වෙඩික්කරුහට පිස්තෝලය ලබා දී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු දැක්වූවා.

මෙම සැකකරුවන් තිදෙනා මෙම ඝාතනය සිදු කිරීමට ආධාර අනුබල ලබා දුන් බව කියන චෝදනාව මත අත්අඩංගුවට ගත් බව ද විමර්ශන නිලධාරීහූ අධිකරණයට කරුණු දැන්වූවා.

වෙඩි තැබීමට යොදාගත් ගිනිි අවිය ඔහුට ලැබුණේ කෙසේද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් සිද්ධියට අදාළ තවත් සැකකරුවන් සිටීද යන්න විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බව ද විමර්ශන නිලධාරීහූ අධිකරණයට කරුණු දැක්වූවා.

අපරාධ කල්ලි සාමාජිකයෙකු වු “ගනේමුල්ලේ සංජීව” නමැත්තාගේ ඝාතනයට සම්බන්ධ සැකකරු සහ රියදුරු කොළඹ අපරාධ කොට්ඨාසයේ පැය 72 ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගත් බවත් විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බැවින් රාජ්‍ය ආරක්ෂක ලේකම්ගේ අවසරය ලබාගෙන සැකකාර පුද්ගලයා දින 90ක් රඳවා තබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ එම කොට්ඨාසයේ උසාවි භාර පොලිස් නිලධාරීහු අධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියා.

වෙඩි තැබීම සිදුකළ බවට හඳුනාගෙන ඇති මහරගම ප්‍රදේශයේ පදිංචි සැකකාර සමිඳු දිල්ෂාන් පියුමංග කදනාරාච්චි (27) සහ සැකකරුව වෑන් රථයකින් පුත්තලම ප්‍රදේශයට රැගෙන යාමට සහාය ලබා දුන් රියදුරු බව කියන මිල්ලනිය ප්‍රදේශයේ පදිංචි සැකකාර මහේෂ් සම්පත් ප්‍රියදර්ශන (44) යන දෙදෙනා මෙලෙස තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවට කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු දැක්වූවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහ තුවක්කු ආඥා පනත යටතේ සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට පියවර ගෙන ඇති විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූ බවයි පැවසෙන්නේ.

වෙඩි තබීමට යොදාගත් ගිනිි අවිය ඔහුට ලැබුණේ කෙසේ ද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පැවසූ විමර්ශන නිලධාරීන් අධිකරණ හමුවේ කියා සිටියා.

සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ ඇතුළු නීතිඥ මණ්ඩලය අධිකරණය හමුවේ පෙනී සිටි අතර පොලිස් භාරයේ රඳවා සිටින සැකකරුවන් දෙදෙනා අධිකරණයේ අවසරයකින් තොරව කිසිදු ස්ථානයක රැගෙන නොයන ලෙසට සහ නීතිඥවරු දෙදෙනෙකුට එම සැකකරුවන් හමුවීමට අවස්ථාව ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

නීතිඥවරුන්ගේ ඉල්ලීමට ඉඩ දුන් මහේස්ත්‍රාත්වරිය අපරාධ කොට්ඨාසයේ රඳවා සිටින සැකකරුවන් දෙදෙනා අධිකරණයේ අවසරයකින් තොරව කිසිදු ස්ථානයකට රැගෙන නොයන ලෙස සහ සැකකරුවන් හමුවීම සඳහා නීතිඥවරු දෙදෙනකුට අවස්ථාව ලබා දෙන ලෙස ද කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළා.

සැකකරුවන් වෙනුවෙන් දින 90ක රැඳවුම් නියෝගය ලබා ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව දැනුවත් කළ යුතු බව නීතිඥවරයා අධිකරණයට කරුණු දැක්වූවා.

මෙම සිද්ධියට අදාළ පළමු වන සැකකරු වන වෙඩික්කරුගේ කනෙහි අභ්‍යන්තරයට හානි සිදුවී ඇති බැවින් අධිකරණ වෛද්‍යවරයාගේ අවධානය යොමු කරන ලෙසට කටයුතු කරන සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණයෙන් ඉල්ලුවා.

එලෙස කර්ණයෙහි අභ්‍යන්තරයට සිදු වූ ඇති හානියක් සම්බන්ධයෙන් තම කොට්ඨාසය මේ වෙන තෙක් දැනුවත් කර නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිලධාරී අධිකරණයට කරුණු දැක්වූවා.

සිද්ධියට අදාළ සියලු කරුණු විමසා බැලූ මහේස්ත්‍රාත්වරිය පැය 24 රැදවුම් නියෝග මත රඳවා සිටි සැකකරුවන් තිදෙනා ලබන 7 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර පළමු සහ දෙවන සැකකරුවන් දෙදෙනා තවත් දින 90 ක කාලයක් රඳවා තබාගෙන විමර්ශන කටයුතු සිදු කිරීමට අවසර ලබා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06