ගනේමුල්ල සංජීවගේ පපු පෙදෙසට වෙඩි ප්‍රහාර 05ක් එල්ල වී ඇති බවට හෙළිවෙයි

මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේ විත්ති කූඩුවේ සිටියදී වෙඩිවැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ලේ සංජීව නමැත්තාගේ හදවත පසාරු කරගෙන ශරීරයට ඇතුළු වූ උණ්ඩයක මූණිස්සම් කොටසක් රජයේ රස පරීක්ෂකවරයා විසින් විවෘත අධිකරණයේ තිබියදී අද (20) සොයා ගත්තා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ සංජීව නමැත්තා රැඳී සිටි විත්ති කූඩුවේ ලී කණුවක අඟල් එකහමාරක් පමණ ඇතුළට කිඳා බැස තිබූ මූණිස්සම් කොටස පොලිස් නිලධාරීහු කණුව සිදුරු කර ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්‍ෂක කාර්යාලයට රැගෙන ගොස් ඇති බවයි.

ඒ මූණිස්සම් කොටස සාක්ෂි අංක හතර ලෙස ද නම් කෙරුණා.

අධිකරණ ශාලාව තුළ තවදුරටත් විමර්ශන සිදු කරන බව කෙසෙල්වත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඊයේ (19) ⁣ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අංක 05 අධිකරණය තුළ සිට නඩුවට ඉදිරිපත් වූ අවස්ථාවේ දී වෙඩි ප්‍රහාරයකට ලක්වුණා.

අංක පහ අධිකරණයේ තිබු නඩු තුනක් සම්බන්ධයෙන් සැකකරු බූස්ස බන්ධනාගාරය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

අධිකරණ කටයුතු පෙරවරු 9.35ට පමණ ආරම්භ වූ අතර අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය සංජින නමැත්තාගේ නඩු පළමුවෙන් කැඳවීමට තීරණය කළා.

ඒ අනුව පළමු නඩුව කැඳවා දෙවැනි නඩුව කැඳවීමට සුදානම් වන අතරවාරයේ නීතිඥවරුන් සඳහා වෙන්න ඇති අසුන්වල අසුන් ගෙන සිටි නීතිඥ වෙස් ගත් වෙඩික්කරු වහා ක්‍රියාත්මක වී ඉණේ සඟවාගෙන සිටි රිවෝල්වරයකින් සංජිව නමැත්තාගේ පපු ප්‍රදේශයට වෙඩි පහක් පමණ එල්ල කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ සමඟම අධිකරණ ශාලාව කලබලකාරි තත්ත්වයක් හට ගැණුනු අතර මහෙස්ත්‍රාත්වරිය සෙසු පුද්ගලයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගැනීමට කටයුතු කිරීමේ දී “අන්න ⁣ගනේමුල්ල සංජීවට වෙඩි තියනවා. දුවන්න. දුවන්න.” යැයි කෑගසමින් එළියේ රැඳී සිටි ජනතාව ද බියට පත් කරමින් සැකකරු වහා පලා ගියා.

වෙඩි වැදී විත්ති කූඩුව තුළ වැටී සිටි සංජීව නමැත්තා ඔසවා ගත් නිලධාරීන් කඩිනමින් පොලිස් ජිප් රථයක් තුළ නංවාගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගියා.

රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී ඔහුට පණ තිබු බවත් නමුත් බරපතළ තත්ත්වයේ පසු වූ බැවින් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළා.

අද නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කළේ ගනේමුල්ල සංජිව නමැත්තාට මේ වන විට අධිකරණය තුළ විභාග වන නඩු 22ක් පවතින බවයි.

ඊයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ අංක පහ අධිකරණයේ ඇති නඩු තුනක් සහ අංක නවය අධිකරණය හමුවේ භෞතික ඉදිරිපත් කිරිමක් සඳහා බව ද ඒ මහතා සඳහන් කළා.

සිද්ධිය වී පැය අටක් පමණ ගත වන විට පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකා නිලධාරීන් කටයුතු කර තිබුණා.

මේ වන විට සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06
Video thumbnail
මහ වැස්සෙන් කළුතර ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:26
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවෙයි
01:22