ගනේමුල්ල සංජීවගේ ආරක්ෂාව භාරව සිටි ජේලර් මාර්තු 21 තෙක් රිමාන්ඩ්

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරයෙකු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම සැකකරු ව අද (17) කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට පමුණවනු ලැබුවා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සැකකරු ව විනිසුරු වෙත පමුණුවමින් පැවසුවේ සිද්ධිය වූ දින සංජීව කුමාර සමරරත්න නමැත්තා ව අධිකරණයට ගෙනැවිත් ඇත්තේ අදාළ ජේලර්වරයා විසින් බවයි.

ඔහු සිය රාජකාරිය පැහැර හැරීම නිසා මෙම අපරාධය සිදු වූයේ දැයි සොයා බැලීම සඳහා විමර්ශන සිදු කරන බවත් පොලිසිය අධිකරණයට දැනුම්දුන්නා.

වෙඩි තබා පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙම සැකකාර බන්ධනාගාර නිලධාරියා විසින් කිසිදු පියවරක් ගෙන නොමැති බව විමර්ශනවල දී කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය පැවසුවා.

එහිදී පොලීසිය විසින් සැකකරුගේ ජංගම දුරකථන ඇමතුම් පිළිබඳ වාර්තාවක් කැදවීමට අවසර දෙන ලෙසත් ඉල්ලීමක් සිදු කරනු ලැබූ අතර ඊට අවසර හිමිවුණා.

අදාළ සැකකාර ජේලර්වරයා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි නියම කෙරුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14