ගනුදෙනු හුටපටයක් නිසා පුද්ගලයෙක් ඝාතනය කර පුංචි ලෝකාන්තයෙන් පහළට දාලා

පුද්ගලයෙකු ඝාතනය කර ‘පුංචි ලෝකාන්තයෙන්’ පහළට දැමූ පුද්ගලයින් දෙදෙනෙකු මඩොල්සිම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩුල්සිම – බටුවත්ත වතුයායේ පදිංචි කම්කරු වෘත්තියේ යෙදෙන දෙදෙනෙකු බවයි හෙළි ව ඇත්තේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා ත්‍රී රෝද රථයක් සැකකරුවන්ගෙන් මිල දී ගෙන ඇති අතර එම ගනුදෙනුව සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදු වී ඇති බව පොලිසිය පවසනවා.

පුංචි ලෝකාන්තයෙන් පහළට දැමූ සිරුර පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන මඩොල්සිම පොලිසිය විසින් සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්