ගත වූ පැය 24ට පලස්තීනුවන් 700කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ගත වූ පැය 24ක කාලය තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 700කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති බව ගාසා තීරයේ රජයේ මාධ්‍ය කාර්යාලය පවසනවා.

මේ අතර ගාසා තීරයට ඊශ්‍රායල එල්ල කරන ප්‍රහාරයන් අවසන් වන තුරු ප්‍රාණඇපකරුවන් සහ සිරකරුවන් හුවමාරු කිරීමේ සාකච්ඡා නැවත ආරම්භ නොකරන බවයි හමාස් සංවිධානය පවසන්නේ.

හමාස් සංවිධානය සටන් විරාම ගිවිසුමේ කොන්දේසි උල්ලංඝණය කළ බව පවසමින් ඊශ්‍රායලය සෙනසුරාදා, කටාරයෙන් සිය සාකච්ඡාකරුවන් ඉවත් කර ගනු ලැබුවා.

පසුගිය ඔක්තෝබර් 7 වනදා සිට මේ දක්වා කාලය තුළ යුද ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ අවම වශයෙන් පලස්තීනුවන් 15,207ක් මියගොස් ඇති අතර, ඊශ්‍රායලයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 1,200ක්.

මේ අතර ඊශ්‍රායල විසින් සිය ප්‍රහාර උත්සන්න කිරීමත් සමඟ ගාසා වැසියන් නවාතැන් සොයමින් ඔබමොබ ඇවිදින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

හමාස් සංවිධානය සමූලඝාතනය කිරීමට තමන් ක්‍රියා කරන බව ඊශ්‍රායලය පවසන්නේ එය යුදෙව් රාජ්‍යයේ පැවැත්මට මාරාන්තික තර්ජනයක් බව පවසමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පානදුර වෙරළට කොට්ටහච්චි බැහැලා දුන්න සුපිරි සුද්දය - පුංචි දෙයක් මුදා හරින්න කළින් දහස්වරක් සිතන්න
04:17
Video thumbnail
දඩවලින් නීතිය හදන්න බෑ ආකල්පමය වෙනසක් අවශ්‍ය වෙනවා - පොලිස්පති කිව්ව සුපිරි කතාව
02:30
Video thumbnail
අනතුරු ගැන පොලිස්පති හෙළිකරපු දේ - ගොඩක් අනතුරු වෙන්නේ විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම නිසා
04:52
Video thumbnail
යුද හමුදාපති හැමෝටම දුන්න පණිවුඩය - වෙරළ තීරය අපට පමණක් අයිති දෙයක් නෙවෙයි
06:27
Video thumbnail
කාකදූපත පිරිසිදු කරන්න බැස්ස යුද හමුදාපති - යුද හමුදාපතිත් බැහැලම වැඩ
01:42
Video thumbnail
ජනපතිලගේ පුතාලා, නෝනලා, බාප්පලා කිල්ලෝටවල හුණු තියෙනවා - පවුල් පිටින් දැන් හෙළිදරව් වෙනවා
07:37
Video thumbnail
සීට් බෙල්ට් නීතිය ඇත්තටම හොඳයි..ආරක්ෂා සහිතයිනේ - සීට් බෙල්ට් නීතිය ගැන ජනතා අදහස්
00:40
Video thumbnail
සීතාවලිය සීතාඅම්මන් කෝවිලේ විශේෂ පූජාවට ආ ජපාන මහ කොමසාරිස්
02:04
Video thumbnail
කඩුවෙල පිවිසුමේ සීට් බෙල්ට් නීතිය අකුරටම බලයි - සීට් බෙල්ට දාලා නෑනේ..ඔක්කොම දාගන්න
04:49
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11