ගත වූ පැය 24ට අපරාධවලට සම්බන්ධ 15 දෙනෙක් අත්අඩංගුවට

දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි පොලිසිය විසින් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව, ඊයේ (25) දිනයේ දී පොලිසිය විසින් මෙම මෙහෙයුම් මඟින් සැකකරුවන් 517 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඒ, පුද්ගලයන් 26,835 දෙනෙක් පරික්ෂාවට ලක්කරමින්.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතරින් 15 දෙනෙක් අපරාධවලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 15 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.

පොලිසිය විසින් නිකුත් කළ සම්පූර්ණ වාර්තාව පහතින්,