ගත වූ දින පහට අධිවේගී මාර්ගවලින් මිලියන 350කට වැඩි ආදායමක්

පසුගිය 25 වනදා මාධ්‍ය රාත්‍රියේ සිට ඊයේ (30) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 355.84ක අදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුරාධ හෙට්ටිආරච්චි සඳහන් කළේ එම කාලය ඇතුළත වාහන 915,735ක් අධිවේගී මාර්ගවල ගමන් කර ඇති බවයි.

ඒ, අනුව පසුගිය දින පහක කාලය අතර තුළ අධිවේගී මාර්ගවලින් දළ වශයෙන් රුපියල් කෝටි 60කට ආසන්න අදායමක්
දිනකට උපයා ඇති බවයි ධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.