ගතවූ පැය 24ක කාලය තුළ 1676ක් අත්අඩංගුවට

“යුක්ති” මෙහෙයුමේ වැටලීම් තුළින් ගත වු පැය 24 තුළ තවත් සැකකරුවන් 1676ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මර්දනය සඳහා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් අනුවයි මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන්නේ.

යුක්ති මෙහෙයුම යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කෙරුණු වැටලීම් තුළින් ඊයේ දිනයේ දී සැකකරුවන් 1676ක් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් සැකකරුවන් 119 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ෂණ ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම සැකකරුවන් 45 දෙනෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධි වත්කම් විමර්ෂණ ආරම්භ කර ඇති අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු පුද්ගලයින් 112 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශයේ ලේඛන ගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටින සැකකරුවන් 130 දෙනෙකු මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගැණුනා.

යුක්ති මෙහෙයුම යටතේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් බල ප්‍රදේශයේ ඊයේ රාත්‍රීයේ කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 58 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී මත්ද්‍රව්‍ය ඇතුලු විවිධ චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

පුද්ගලයින් දෙදෙනෙකු වෙනුවෙන් රැදවුම් නියෝග ලබාගෙන තිබෙනවා. මෙම ප්‍රදේශයේ අනවසරෙන් ගැවසෙමින් අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකිවු 30 දෙනෙකු ද අත්අඩංගුවට පත්වුවන් අතර වනවා.

කොම්පඤ්ඤවීදිය වෑකන්ද ප්‍රදේශයේ ද වැටලීමක් සිදුකෙරුණා. කොම්පඤ්ඤවීදිය පොලිසිය යුද හමුදාවේ සහාය ඇතිව හදිසි ආරක්ෂක වළලු යොදමින් පරීක්ෂා කිරීම් සිදුකළ අතර පොලිස් සුනඛයින් ද ඊට යොමුකර තිබුණා.

තබුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ කළ වැටලීමේ දී සැකකරුවන් 50කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගත් අතර වරෙන්තුකරුවන් කිහිපදෙනෙකු ද අත්අඩංගුවට ගත් පිරිසට අයත්.

විවිධ ප්‍රදේශවලින් පැමිණි ගැණුම්කරුවන් ද පරීක්ෂාවට ලක්කිරීමට පොලිසිය කටයුතු කළා.

මේ අතර අලුත්ගම දන්වත්තගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් පොලිසිය වැටලු අතර එහි ප්‍රධාන සැකකරු ද අත්අඩංගුවට ගැණුනා.

එම ප්‍රදේශයේ වගුරු බිමක ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය මෙම ස්ථානයේ තිබි ගොඩා නීති විරෝධි මත්පැන් ඇතුලු උපකරණ ද පොලිසිය සොයා ගත්තා.සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වස්ගමුව ජාතික උද්‍යානය ආශ්‍රිත ප්‍රදේශයේ පිහිටා තිබු කන්සා හේන් 6ක් වැටලීමට වනජීවි කාර්යාල නිලධාරීන් ක්‍රියා කළා.

ගංජා කිලෝ 29කට අධික ප්‍රමාණයක් සමඟ එම වගාබිම සම්පුර්ණයෙන් විනාශ කිරීමටයි කටයුතු කෙරුණේ. එම වගාබිම් වල සිටි සැකකරුවන් තුන්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04