සැප්තැම්බර් මාසයේ ගතවූ දින 20ක කාලය තුළ සංචාරකයින් 75,000කට වැඩි පිරිසක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එම අධිකාරිය විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව සැප්තැම්බර් මාසයේ මේ දක්වා පැමිණ ඇති විදේශිකයින් සංඛ්‍යාව 75,222ක්.
මෙම මාසයේදී ඉන්දියානු ජාතිකයන් 19,767ක් පැමිණ ඇති අතර පැමිණි සමස්ත සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් ඉන්දියාවේ සිට පැමිණි අයයි.
එක්සත් රාජධානියෙන් පුද්ගලයින් 5,336ක්, ජර්මනියෙන් 5,199ක්, රුසියාවෙන් 4,835ක්, චීනයෙන් 4,338ක් සහ ඕස්ට්‍රේලියාවෙන් සංචාරකයින් 4,064ක් ද මේ මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ අගෝස්තු මාසයේදී සංචාරකයින් 136,405ක් දිවයිනට පැමිණ ඇති බවයි.
ඒ අනුව මේ වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ සංචාරකයින් 979,540ක් මෙරටට පැමිණ තිබෙනවා.














Indian traders frequent travelers to Srilanka that the head count