ගතවූ කාලය තුළ 1,678 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යයි

මෙම වසරේ ගතවූ කාලය තුල ශ්‍රී ලාංකිකයින් 1,678 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ ජනවාරි මාසයේ සිට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය පිරිමි පුද්ගලයන් සංඛ්‍යාව 1,662ක් සහ කාන්තාවන් 16ක් වන බවයි.

ඒ අතරින් නිෂ්පාදන හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පුද්ගලයින් 1,490 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර ධීවර අංශයේ රැකියා සඳහා 188 දෙනෙකු පිටත්ව ගොස් තිබෙනවා.

ඔවුන් අතරින් 1,398 දෙනෙකු පළමු වරට රැකියා සඳහා දකුණු කොරියාව බලා පිටත්ව ගිය අතර 280ක් සිය මුල් සේවා කාලය අවසන් කර මෙරටට පැමිණ යළිත් පෙර රැකියාව සඳහායි පිටත්ව ගොස් ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18