ගණේමුල්ල සහ දළුපත ප්‍රදේශවල අවි ගබඩා දෙකක් වටලයි

ගණේමුල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ගණේමුල්ල, පරකන්දෙනිය ප්‍රදේශයේ නිවසක සිදු කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය, ගිනි අවි සහ උණ්ඩ තොගයක් සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

එහිදී රිපීටර් ගිනි අවියක්, එම වර්ගයේ ගිනි අවියක පතොරම් 08ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 යි මිලි ග්‍රෑම් 900ක්, ටී 56 මැගසින් 09ක් සහ මිලි මීටර් 09 වර්ගයේ පතොරම් 05 ක් සොයා ගත් බව වාර්තා වුණා.

මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ මීගමුව, දළුපත ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකින් තවත් ගිනි අවි සහ නීතිවිරෝධී භාණ්ඩ සමඟ තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.

ඔවුන් සතුව ද තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 128යි මිලිග්‍රෑම් 100ක් , විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක් මෙන්ම එහි පතොරම් 06 ක්, යුද හමුදා ඇඳුමට සමාන නිල ඇඳුමක්, මිලි මීටර් 09 පරතොම් 280 ක්, මත් පෙති 300ක්, අත් විලංගුවක්, ජංගම දුරකථන 06ක්, වෙනත් පුද්ගලයන්ගේ විදේශ ගමන් බලපත්‍ර 03 ක් සහ ටී 56 පතොරම් 183ක් තිබී සොයා ගත් බව පොලීසිය නිවේදනය කරනවා.

සැකකරුවන් සියලු දෙනා වයස අවුරුදු 20ත් 30ත් අතර පසුවන්නන් වන අතර ගණේමුල්ල සහ මීගමුව පොලිස් ස්ථාන විසින් ඉදිරි පක්ෂණ කයටුතු සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැදගම ගිනි ඇවිලෙයි - මුළු පළාතම උණුසුම් වෙයි
02:33
Video thumbnail
කෘෂිකර්මාන්තයට වටිනා කලදසාවක් උදාවෙනවා..රජයේ ගබඩාවලටම වී දෙන්න ඕනි නෑ පෞද්ගලික අංශයටත් දෙන්න
06:13
Video thumbnail
රජය විධායක නිලධාරීන් මුදල් අමාත්‍යාංශය වටලයි - දැවැන්ත උද්ඝෝෂණයක්
01:18
Video thumbnail
බුලත් ප#යට හෙ#ණ ගැහුවම කිල්ලෝටය ගැන මොන කතාද ?බයවෙන්න එපා අපි මේ රට හදනවා
05:58
Video thumbnail
ගමටත් කිරි දුන්න මහින්දගේ පුතා 2029 දී එන්න යන්නේ - නාමල දැන් පිපීගෙන එන්නේ
04:01
Video thumbnail
අමාරුවෙන් අදත් අධිකරණයට ආපු ඩේසි ආච්චි....
00:33
Video thumbnail
සුපිරි රිය ගි# තිබ්බ සිද්ධිය ගැන මව හෙළිකළ දේ - පර්චස් 6යේ ගෙදර සර්ට ලියලා දෙන්න කියලා බලපෑම්
05:42
Video thumbnail
රාජපක්ෂ පවුලේ සෙට් එකට ආණ්ඩුවෙන් රතු එළි - නාමල් ලොක්කෝ පමාවී හෝ ඔයාලා ළඟට එනවා
05:34
Video thumbnail
ජනතාව තෘප්තිමත් වන නායකත්වය ජනපති අනුරව - ආණ්ඩුව ගැන ජනතාවගේ කැමැත්ත 62.8%ක්
08:06
Video thumbnail
නුවන් බැල්ලන්තුඩාවගෙන් ප්‍රබල හෙළිදරව්වක් - ප්‍රභාලා ගාව දණ#හපු අය තමයි මේ
17:14