ගණේමුල්ල සංජීව ඝාතන කිරීමේ සිද්ධියේ වැඩිදුර වාර්තාවක් අධිකරණයට

ගණේමුල්ල සංජීව ඝාතන කිරීමේ සිද්ධියට අදාළව ආධාර අනුබල ලබා දුන් බව කියන විසිපස්වන සහ තිස්පස්වන සැකකරුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම මහතා අද (21) අධිකරණයට දැන්වුවා.

කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධියට අදාලව වැඩිදුර බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් සිද්ධියට අදාල එම සැකකරුවන් දෙදෙනාගේ ප්‍රකාශ විමර්ශන කටයුතුවලට අවශ්‍ය බව පවසා සිටි අවස්ථාවේදී එලෙස නියෝග කළා .

නඩුව කැඳ වූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවන් 5 දෙනෙකු බූස්ස බන්ධානාගරය මඟින් ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කළා.

පහලොස්වන සැකකාර ඉෂාරා සෙව්වන්දි හට පලා යාමට අධාර අනුබල දීම මත රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් 3ක් සහ සැකකාරියන් 2ක් බන්ධනාගාර නිළධාරින් විසින් විවෘත අධිකරණයට ඉදිරිපත් කළා.

සිද්ධියට අදාළව එම ප්‍රධානපෙළේ සැකකරුවන් 9 දෙනා, සිද්ධියට අදාළව 28 වන සැකකරු සිට 36 සැකකරු දක්වා නම් කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැන්වුවා.

එම නම් කරන ලද සංවිධානත්මක සැකකරුවන් 9 දෙනා අතරින් සිව්දෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහ කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වුවා.

අනෙක් නම් කරන ලද සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුට ගෙන අධිකරණට ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බව විමර්ශන නිළධාරින් අධිකරණයට දන්වා සිටියා.

සිද්ධියට අදාලව නම් කරන ලද 35 වැනි සැකකරු පෑලියගොඩ අපරාධ කොට්ඨාශය මගින් සිදු කරන ලද වෙනත් නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

එම සැකකරු මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා එහිදී කරුණු දැක්වුවා.

දැනට සිද්ධියට අදාල 18 වන සහ 21 වන සැකකරු පෑලියගොඩ අපරාධ කොට්ඨාශයේ සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත සිටින බවට වාර්තාවක් ද විමර්ශන නිලධාරීන් අද (21) අධිකරණයට ඉදිරිපත් කළා.

මෙම සිද්ධියට අදාලව අනෙක් සැකකරුවන් පිළිබඳව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට සහ අලුත් කඩේ අංක 8 අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වර්තා කර තිබෙන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වුවා.

මෙම සිද්ධියට අදැළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ට එරෙහිව ඇති අපරාධ චෝදනා සම්බන්ධයෙන් වෙන් වෙන්ව අධිකරණයයට වර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණයෙන් කරන ලද නියෝගයට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය එම වාර්තා ඉදිරිපත් කළා.

සිද්ධියට අදාලව සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කර සිටියේ, ඉෂාරා සෙව්වන්තයට නවාතැන් පහසුකම් ලබා දුන් බව කියන පිරිසට ඇප ලබාදෙන ලෙසයි.

එම සැකකරුවන් ඝාතනය සිදුකිරීම සම්බන්ධයෙන් කිසිදු චෝදනාවකට අයත් නොවන බව නීතිඥවරුන් සඳහන් කර සිටියා.

කොළඹ අපරාධ කොට්ඨාශය 190 වගන්තිය යනුවෙන් අලුත් නීති සාදා මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනගත කරන බව නිතිඥවරුන් සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප ලබාදීම සම්බන්ධයෙන් සාක්ෂි සම්පීඩන වාර්තා සලකා බලා මීලඟ නඩු දිනයේදී ඇප ලබාදීමේ ඉල්ලීම පිළිබඳ සලකා බලන බව අධිකරණයට දන්වා සිටියා.

සිද්ධියට අදාළව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශනයේ ප්‍රගතිය නොවැම්බර් 05 කැඳවන ලෙස නියෝග කරමින් සැකකරුවන් රක්ෂිත එදින තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේමසිරිගේ සහ පූජිත්ගේ මිතුරෙක් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන - "දෙදෙනාට කොහේ හරි වැරදිලා"
02:22
Video thumbnail
මිරිස්ස රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - වෙ# කා දිව යන අයුරු
01:08
Video thumbnail
හේමසිරි සහ හිටපු පොලිස්පති මහ සෙනඟක් මැදින් රැගෙන ගිය හැටි - ඔබ නොදුටු දර්ශන පෙළක්
02:16
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48