ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරුක් මත පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 02 ක් වැටලීමට එම නිලධාරීන් ඊයේ (25) රාත්‍රියේ සමත් වී තිබෙනවා.
වැටලීම සිදු කරන අවස්ථාවේදී එම ගණිකා නිවාසන්හි රැඳී සිටි සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියන් 11 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට පත් සියල්ලන් වයස අවුරුදු 30ත් 45ත් අතර පසුවන පිරිසක් බවයි වාර්තා වන්නේ.
අදාළ සැකකරුවන් සහ සැකකාරියන් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා පිළියන්දල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබුණු අතර පිළියන්දල පොලිසිය විසින් ඉදිරි විමර්ශනයන් මෙහෙයවීමට නියමිතයි,













