ගණිකා නිවාසයේ කතාවට අනූෂාගේ පිළිතුර

මෙරට සිනමාවේ මෙන්ම පුංචි තිරයේ ද රංගන ශිල්පිනියක් මෙන්ම නර්තන ශිල්පිනියක් ලෙසින් ද ප්‍රේක්ෂකයන්ගේ ආදරය එදා සිට අද දක්වා එක ලෙස දිනා ගැනීමට ඇය සමත් වූවාවාය. ඇය පිළිබඳ කාලයෙන් කාලයට විවිධ පුවත් ප්‍රචාරය විණි. ඇය පසුගිය වකවානුවේ දේශපාලන වේදිකාවට ද නැංගාය.   

මේ සුරූපී රංගන හා නර්තන ශිල්පිනිය අනුෂා දමයන්තිය. තමා ගැන පළවූ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ද පසුගියදා ඉදිරිපත් කළාය. මොකක්ද මේ කතාවේ සුලමුල? මේ සියල්ල දැනගැනීමේ අරමුණින් අනුෂා සමග කතාබහ කරන්නට අපි අදහස් කළෙමු. මේ අැයගේ කතාබහේ සටහනයි. 

මොකක්ද අනුෂා මේ ගණිකා නිවාසයක් ඔයා මාලබේ ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගියා කියලා පැතිරෙන කතාව. ඇත්තටම එහෙම දෙයක් වුණා ද?   

ඇත්තටම මට මාලබේ ගෙයක් නෑ. මම හිතන්නේ මුළු ලංකාවම දන්නවා මගේ පදිංචිය මාලාබේ නෙවෙයි. අවුරුදු විසිපහකටත් එහා මගේ පදිංචිය අතුරුගිරියේ. අතුරුගිරිය පළාතෙන් අනුෂා දමයන්ති කියන්නේ කවුද කියලා හැමෝම දන්නවා. ඇත්තටම මේ සිද්ධිය වෙබ් අඩවියකින් මතු කළ එකක්. ඒක දාලා තිබුණේ එදින සිදු වූ සිද්ධියක් විදිහටයි. එදා මම කතරගම මුරුතැන් පූජාව තියලා සරස්වතී කෝවිල අස්කරලා ශුද්ධ කරන දවස එදා මම හිටියේ කතරගම.   

22 වැනිදා මගේ යාළුවෙක් කතා කරලා අනුෂා ඔයාට නරක නිවුස් එකක් ෆේස්බුක් එකේ යනවා. මට මේ කේන්තියටමයි ඔයාට කියන්න හැදුවේ කිව්වා. මම කිව්වා මට මඩගහල ද? හා අක්කේ එහෙනම් ඒක එවන්නකෝ කියලා. එයා මට කිව්ව එක බලලා මුලින්ම මට හිනා ගියා. හැබැයි දිගටම ලියා තිබෙන දේශපාලන දේවල් ඈඳාගෙන තිබෙන කතාව ආපහු බැලුවාම මම බැලුවා මේ මොකක්ද මේ කතාව කියලා. ඒක ඒ වෙලාවේ බරපතළ විදිහට ගත්තේ නැතිවුණාට පස්සේ මට හිතුණා මේක බරපතළ චෝදනාවක් කියලා. මට සිතුණා නොදන්න පිරිස වැඩියි. ඒ නිසා මේ ගැන කතා කරන්න ඕනෑ කියලා.   

ඔයා මේ ප්‍රවෘත්තියට අදාළ වූ පොලිසිය භාර අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මේ ගැන කතා කළා ද?   

ඔව්. ඒ වෙලාවෙම සරත් වීරසේකර සර්ගේ දුරකථන අංකය සොයාගෙන මම කතා කළා. මොකද ෆේස්බුක් එකේ කියලා තිබෙන්නේ මට මාලබේ ගෙයක් තිබෙනවාලු. ඒකට වලාන දූෂණ මර්දන ඒකකයෙන් පැන්නලු. එහිදී ගැහැණු ළමයි ටිකක් ඉඳලා එයාලගෙන් මෙහි අයිතිකාරිය කවුද කියා අැසූ විට අනුෂා දමයන්ති කියන සිනමා නිළියලු. එයාගේ ගෙදරට ප්‍රකාශයක් ගන්න ගිය විටදී සරත් වීරසේකර සර්ට කතාකරලා කිව්වාම ඒ නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් සර් බැණ වැදුණා කියලයි එතන ලොකු කතාවක් තිබෙනවා. මම බැලුවා මොකක්ද මේ කියලා. ඒහින්දා මම සර්ට කතා කළා. කතාකරනකොටම සර් කිව්වේ. ඔව් අනුෂා මම දන්නවා. ඒ සිද්ධිය. මම දවස් දෙකකට ඉස්සෙල්ලා දැන ගත්තෙ. ඒ පිළිබඳව ක්‍රියා කරලා තිබෙන්නේ. වැඩිදුර යමක් ක්‍රියා කරන්න ඕනෑ නම් අනුෂා ගිහින් සීඅයිඩීයට පැමිණිල්ලක් දාන්න කිව්වා.   

මම එදා උදේ නුවර හිටියේ. දවස් තුනක වැඩකට ගිහින් හිටියේ. ඒ වැඩෙත් දාලා එදාම රෑ මම ගෙදර ආවා. පසුවෙනිදා උදේ CID එකට ගිහින් පැමිණිල්ලක් දැම්මා. ඒකෙන් තේරෙන කාරණ කිහිපයක් තිබෙනවා. නිළියක් හැටියට මට මඩගහන්න වුවමනා වුණේ නෑ. ඒකෙ පැහැදිලිවම අවශ්‍ය වුණේ මම දේශපාලනය තදින් කරපු නිසා මා හරහා යම් දේශපාලන තැන්වලට මඩ ගහන්න. ඒ කතාවට සරත් වීරසේකර සර් එනවා වලාන දුෂණ මර්දන ඒකකයත් එනවා. ඒ කියන්නේ මාව ඉත්තෙක් කරගෙන මේ රටේ නීතිය හරියට සිද්ධ කරන්නේ නෑ, මේ රටේ රාජ්‍ය ආයතන ඇමැතිවරයා පාලනය කරනවා වගේ පණිවියක් නේද මේ දෙන්න හදන්නේ. මම හිතන්නේ මෙය දේශපාලන පළිගැනීමක්. සරත් වීරසේකර සර්ගෙනුත් ගත්තේ දේශපාලන පළිගැනීමක් හැටියටයි මම දකින්නේ.   

මගේ නිර්දෝෂීභාවය කියන්න ඕනේ නෑ. හදවතට එකඟව මම දන්න නිසා ඒක නොවෙයි ඊට පස්සෙ මට දැණුනු එකම දේ. මම සීඅයිඩී එකට ගිහින් ඒකයි පැමිණිලි කළේ. මම කිව්වේ මම අවශ්‍ය මම නිර්දෝෂී කියන්න නෙවෙයි. එහෙම ඕනෑ නෑ. මගේ හෘදය සාක්ෂිය දන්නවා මම එහෙම අල්පමාත්‍ර කෙස්ගහක දෙයක් කරලා නෑ කවරදාකවත් මගේ වටා සිටින අයත් දන්නවා. හැබැයි මට මේ කරපු පුද්ගලයා ඕනේ මේක කළේ කවුද? මම කිව්වා එයාව නීතිය ඉදිරියට ගේන්න කියලා. ගෙනල්ලා ඒ කෙනා කවුද කියලා අධිකරණයට ඉදිරිපත් කරලා දැඩි දඬුවම් පමුණුවලා, ඒ කෙනා ප්‍රසිද්ධ කරන්න මෙයා තමයි මේක කළේ කියලා. මම කිව්වා ඒක කරනතුරු මම මෙය නතර කරන්නේ නෑ කියලා.   

සමහරු කියන්න පුළුවන් ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ වගේ කතාවක්. එහෙම සැකයක් ඇති වෙන්න පුළුවන් නේ ද?   

එහෙම වෙන්න පුළුවන්. මගේ තාත්තා අවුරුදු 20 කට අධික කාලයක් ඉතාලියේ ඉන්නේ. එයා අවුරුද්දකට දෙපාරක් විතර ඇවිල්ලා යනවා. ඒ හැම කැප කිරීමක්ම අපේ දෙමවුපියෝ කරලා තිබෙන්නේ අපේ හෙට දවස ලස්සනට ජීවත් කරවන්නයි. ඉතිං මේ දැන් ලස්සනට ජීවත් වෙන්නේ අපේ තාත්තගේ අම්මාගේ දහඩිය හින්දයි. පහත් වැඩ කරලා නොවෙයි. මගේ තාත්තා දුක් මහන්සි වෙලා සල්ලි හම්බ කරන්නේ. එහෙම හම්බකරලා ගොඩනැගුණු ජීවිත මේ. ඉතිං එහෙම ජීවිතවලට මෙවැනි නින්දිත විදිහට කවුරු හරි චෝදනා කරනවා නම් අපහාස කරනවා නම් ඒක දරාගෙන ඉවසගෙන ඉන්න බැහැ නේද?. ඒ නිසා මම ඇත්තටම නීතියෙන් ඉල්ලන්නේ මෙවැනි ඒවාට වාරණ දාන්න. මෙවැනි ඒවාට නීති සම්පාදනය කරන්න. මෙවැනි පුද්ගලයන් මාධ්‍ය ඉදිරියට ගෙනල්ලා පෙන්වන්න. එහෙම එකපාරක් කරන්න. එතනින් එහා කවදාවත් කරන එකක් නෑ.   


ඔයා පසුගිය කාලයේත් දේශපාලන වේදිකාවල කළ ප්‍රකාශ හින්දා මෙවැනි ප්‍රශ්නවලට ලක්වුණා ද?   

ඔව්. සාමාන්‍යයෙන් කලාකාරිනියක් හැටියට දේශපාලනය තෝරගන්නකොටම ඔය මඩ ප්‍රහාර සියල්ලට ලෑස්තිවෙන්න ඕන. ඕනෑම රටක පක්ෂය හා විපක්ෂය කියලා දෙපැත්තක් ඉන්නවානේ. සමාජය දෙස බැලුවාම සාමාන්‍යයෙන් දේශපාලනඥයන් දෙපැත්තක හිටියත් ඔවුන් බෙදෙන්නේ නැතුව හිටියට මිනිස්සු බෙදිලා ඉන්නේ. ඒක තමයි ඇත්තම කතාව. වේදිකාවේ දේශපාලඥයන් ගහගත්තාට සහයෝගයෙන් වැඩ කරන්නේ. මිනිස්සු එහෙම නෑ. තරහයි, වෛර කරනවා. දෙපැත්තට බෙදිලා ගහමරා ගන්නවා. ඒක පක්ෂයකට ගිය විටදී අනෙක් පක්ෂයේ අයගෙන් අනිවාර්යයෙන්ම මඩ ප්‍රහාර එල්ල කරනවා. නින්දා කරනවා. ඒවා දරාගන්න පුළුවන් විදිහේ ඒවා නම් කමක් නෑ. සාමාන්‍යයෙන් මට ඒ වගේ ගොඩාක් දේවල් කරලා තිබෙනවා. මම ඒවා ගණන් ගන්නේ නෑ. මොකද මගේ හෘද සාක්ෂිය එකඟයි.  

කොන්ද කෙළින් තියාගෙන වරදක් කරලා නැති පහත් වැඩක් කරලා නැති කෙනෙක් විදිහටයි මම දේශපාලන වේදිකාවට නැග්ගේ. පිරිසිදු හින්දයි එහෙම නැග්ගේ. නැත්නම් දේශපාලන වේදිකාවලට මම නගින්නේ නෑ.

කතාබහ කළේ – සමන්ත යහම්පත්  සාරවිට



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වතුර තියෙන තැන් හොයාගෙන යන මාළු..මනුස්සයෙක්ට නාගන්න විදියක්වත් නෑ..වැඩත් නෑ
03:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක් - සමහර දිස්ත්‍රික්ක සඳහා ගිගුරුම් සහිත වැසි ?
03:58
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි - "උඹට මං ඊළඟ පාර අනිවාර්යෙන් ග#නවා"
01:06
Video thumbnail
සජිත් මැතිතුමනි අපේ ජනපති වේවා - සජිත්ගෙන් වැඳලා ඉල්ලයි
01:27
Video thumbnail
නඩු නැති පිරිසිදුම කණ්ඩායම ඉන්නේ සජිත් එක්ක
01:03
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන මොණරාගල මිනිස්සු
00:59
Video thumbnail
නානුඔය දුම්රිය ස්ථානයේ සංචාරකයින් වෙනුවෙන් කෝපි දන්සලක්
01:13
Video thumbnail
විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා..ජනපතිගේ තීරණ නිසා මේක සාර්ථක වුණේ..
06:14
Video thumbnail
රුවන්වැලි මහා සෑය බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යයි
00:32
Video thumbnail
ඔබතුමා හිතාමතා ජනතාව නොමඟ යවනවා..කියන්නේ බොරු..කිසි දෙයක් කරලා නෑ
08:54