“ගගන්යාන්” අභ්‍යවකාශ මෙහෙයුම ප්‍රමාද වෙයි – මිනිසුන් රැගෙන යන මෙහෙයුම 2024 අවසන් කාර්තුවේ

ඉන්දියාවේ පළමු මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම ‘ගගන්යාන්’ දියත් කිරීමේ කාලසීමාව නැවතත් ප්‍රමාද වී තිබෙනවා.

එම මෙහෙයුම දියත් කිරීමේ නව කාලරාමුව වෙනස් කර ඇත්තේ 2024 සිව්වැනි කාර්තුව දක්වායි.

විෂය භාර අමාත්‍ය ජිතේන්ද්‍ර සිං ඉන්දීය පාර්ලිමේන්තුව වන ලෝක් සභාවට දන්වා සිටියේ මිනිසුන් රහිත ‘G1’ මෙහෙයුම 2023 අවසන් කාර්තුවේදී දියත් කිරීමටත්, මිනිසුන් රහිත ‘G2’ මෙහෙයුම 2024 දෙවැනි කාර්තුවේ දියත් කිරීමටත් ඉලක්ක කර ඇති බවයි.

2024 සිව්වන කාර්තුවේදී මිනිසුන් සහිත අභ්‍යවකාශ පියාසැරිය වන ‘H1’ මෙහෙයුම සිදු කිරීමට නියමිතයි.

ඉන්දියාවේ 75 වැනි නිදහස සැමරීම සඳහා ගගන්යාන් මෙහෙයුම මෙම වසරේදී දියත් කිරීමටයි මීට පෙර සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත් කොවිඩ් 19 වසංගතය සහ අනුක්‍රමික අගුලු දැමීම් හේතුවෙන් එය පසුබෑම් කිහිපයකට මුහුණ දුන්නා.

කාර්ය මණ්ඩල ආරක්‍ෂාවෙහි ඇති වැදගත්කම සැලකිල්ලට ගනිමින්, විවිධ පියාසැරි තත්ත්වයන් සඳහා කාර්ය මණ්ඩල ගැලවීමේ පද්ධතිය සහ පැරෂුට් පාදක වේගය අඩු කිරීමේ ක්‍රමයේ ක්‍රියාකාරීත්වය ප්‍රදර්ශනය කිරීමට මිනිසුන් රහිත පරීක්ෂණ මෙහෙයුම් දෙක සැලසුම් කර ඇති බව සිං ප්‍රකාශ කළා.

මානව අභ්‍යවකාශ පියාසැරි මෙහෙයුම් සඳහා නම් කර සිටින ගගනගාමීන් මේ වන විට බැංගලෝරයේ දී ඔවුන්ගේ විශේෂිත පුහුණුවක් ලබමින් සිටින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

කාර්ය මණ්ඩල පුහුණුවේ දෙවන අධ්‍යයන වාරය මේ වන විට  ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29