spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගං වතුරේ ගිය සිමෙන්ති ලොරිය පෙරළිලා (ඡායාරූප)

ත්‍රිකුණාමලයේ සිට හම්බන්තොට දක්වා සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරි රථයක් පූනානි ප්‍රදේශයේ දී ඊයේ (11) පස්වරුවේ අනතුරට ලක්ව තිබෙනවා.

වාච්චේන, පූනානි ප්‍රදේශයේ අඩි 03ක් පමණ ජලයෙන් යටව පවතින අවස්ථාවේ දී ලොරි රථය ගංවතුර මැදින් ධාවනය කිරීමට උත්සාහ කිරීමේ දී එය පෙරලී ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි වාලච්චේන පොලිසියේ සඳහන් කළේ.

මෙම අනතුරින් ලොරි රථය මඟින් ප්‍රවාහනය කරමින් තිබූ සිමෙන්ති මිටි 600ක් පමණ ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් රථයේ රියැදුරුට සහ සහායකයාට කියක් සිදුව නැහැ.

පොළොන්නරුව – මාදුරුඔය, කුඩාඔය, පූනානි විල්ලූව පිටාරගැලීම හේතුවෙන් පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද, පූනානි අතර ස්ථාන පහක් පමණ ජලයෙන් යටව පවතින බවයි පොලිසිය සඳහන් කළේ.

2 7
2 9
2 8
1 10
1 9
1 11
1 12
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?