ගංවතුර නිසා සිදු වූ වගා හානි පිළිබද රජයෙන් නිවේදනයක්

පසුගිය දින කිහිපය තුළ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් වී වගාව ඇතුළු අනෙකුත් වගාවන්ට සිදු වූ හානිය පිළිබඳව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

මේ වන විට 2025/26 මහා කන්නය ආරම්භවී ඇති බැවින් ඊට අදාළව වී වගාව සඳහා බිම් සැකසීම ආරම්භකර ඇති අතර, එහි ආරම්භක අවධියේ පැවතීම හේතුවෙන් වී වගා භූමි සුරක්ෂිතව පවතින අතර හානි තත්වයන් මේ දක්වා වාර්තා වී නොමැති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

නොමිලේ රක්ෂණය යටතේ ආවරණය ලබන අනිකුත් බෝග වන බඩ ඉරිඟු, ලොකු ලුණු අර්තාපල්, සෝයා සහ මිරිස් යන වගාවන්ට සිදු වූ හානිය පිළිබඳව දිස්ත්‍රික් භාර නිලධාරීන් ඇස්තමේන්තුගත කරන ලද නමුත් මේ වන විටත් එම වගාවන්ට සිදු වූ හානිය පිළිබඳ නිශ්චිතව වාර්තා වී ‍නොමැති බවද එම නිවේදනයේ පැවසෙනවා.

එබැවින් තවදුරටත් අප නිලධාරීන් ගොවින් හා සම්බන්ධ වෙමින් වගාවන්ට සිදු වූ හානි පිළිබඳ තොරතුරු ලබාගෙන සහන සැලසීමට අදාළ වැඩසටහන් සකස් කරමින් පවතින බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

මීට අමතරව අනෙකුත් බෝග වලට සිදුවන හානි සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් රක්ෂණ ආවරණ ලබා ඇති ගොවින්ට එම වගාවන්ට සිදුවන හානි සඳහාද වන්දි ගෙවීම සිදුකිරීමට නියමිත බවයි කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28