spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගංවතුර නිසා දුම්රිය කිහිපයක් නවතී

අද දිනයේ ඇදහැලෙන අධික වර්ෂාවත් සමග පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අත්හිටුවා තිබෙනවා.

අද මඩකලපුව සහ කොළඹ අතර ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

මෙම තත්වය හමුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් හෙට (12) පෙරවරු 06.05ට මඩකලපුව හා ත්‍රිකුණාමලය බලා ධාවනය වන උදය දේවී සීඝ්‍රගාමී දුම්රිය සහ මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා

පූනානී හා වාලච්චේන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය එම ප්‍රදේශයේ පවතින අධික වර්ෂාව සමඟ ජලයෙන් යටවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි දුම්රිය ප්‍රකාශකයකු සඳහන් කළේ.

කොළඹ කොටුව සිට මඩකලපුව බලා අද (11) රාත්‍රියේ ධාවනය වන මීනගයා රාත්‍රී තැපැල් දුම්රියන් අවලංගු කිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?