ගංවතුරේ ඡන්දය දාන්න යන ඡන්ද දායකයෝ -ප්‍රාදේශීය ලේකම්ගෙන් ට්‍රැක්ටරයක්

පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිල්වලා ගඟ පිටාර ගලා ඇතැම් පහත් බිම් ප්‍රදේශ යට වී තිබෙනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශ පසුකර ඡන්ද මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට සිදුවන ඡන්ද දායකයින්ට කිසිදු ගැටලුවකින් තොරව එම ඡන්ද මධ්‍යස්ථාන වෙත යාමට අවශ්‍ය ආරක්ෂිත පහසුකම් සලසා ඇති බවයි අතුරලිය ප්‍රාදේශීය ලේකම් නිරෝෂා ගමගේ මහත්මිය ප්‍රකාශ කළේ.

අකුරැස්ස – සියඹලාගොඩ මාර්ගය, පානදුගම ප්‍රදේශයෙන් යට වී තිබෙනවා.

මේ හේතුවෙන් නිල්වලා උස්සාන කාර්යාල ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්ද දායකයින් රැගෙන යාමට අතුරලිය ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටර් රථයක් යොදා තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අගලකඩ පුරාණ විහාරස්ථානයට යන මාර්ගය ද ගංවතුරින් යටවීම නිසා ට්‍රැක්ටර් රථ 02කින් ජන්ද දායකයන් ප්‍රවාහනය කිරීමට පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16