ගංවතුරෙන් පීඩාවට පත් මාතර ජනතාවට කඩිනම් සහන සලසන්න ජනපතිගෙන් උපදෙස්

අධික වර්ෂාව සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා සොයා බලා ඔවුන්ට සහන සැලසීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාතර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එම ජනතාවට අවශ්‍ය පිසූ ආහාර, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය පහසුකම් නොඅඩුව සපයා දෙන ලෙසත් එම කටයුතුවලදී ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගන්නා ලෙසටයි ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ.

එසේම ඉදිරියේ දී ගංවතුර තත්ත්වය ඉහළ යාමක් සිදුවුව හොත් එම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පෙර සූදානමකින් කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා අදාළ අංශ වෙත දැනුම් දී තිබෙනවා.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අනෙකුත් දිස්ත්‍රික්කවල ද ඇති විය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත්තේ.

ගංවතුර, තද සුළං, පස් කඳු කඩා වැටීම්, තද වැසි, ගල් පෙරලීම් හා ගස් කඩාවැටීම් හේතුවෙන් මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ක පවුල් 2350ක පුද්ගලයන් 9448දෙනෙක් පමණ පීඩාවට පත්ව සිටිනවා. අර්ධ හානි සිදු වූ නිවාස ගණන 399ක් වන අතර වෙනත් දේපළ හානි 37ක්.

මාලිම්බඩ, අකුරැස්ස, කඹුරුපිටිය, තිහගොඩ යන ප්‍රදේශවල ස්ථාපනය කළ ප්‍රජා ආහාර සැකසීමේ මධ්‍යස්ථානවලදී ඔවුන් වෙනුවෙන් පිසූ ආහාර සපයාදීම සිදු කෙරෙනවා.

පවුල් 6967ක් පුද්ගලයන් 25,553ක් ගංවතුරින් කොටු වී සිටින අතර ඔවුන් වෙත පිසූ ආහාර ලබා දීම සිදු කරනු ලබන්නේ යුද හමුදාව විසින්.

මේ අතර ගංවතුරින් වැඩිම පීඩාවකට පත්වූ මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව වෙනුවෙන් විශේෂ සහන වැඩපිළිවෙළක් ද යුද හමුදාව විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජානක රණසිංහ, මාතර ප්‍රදේශය භාර බල සේනාංකාධිපති කර්නල් රොෂාන් කන්නංගර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි යුද හමුදා බල ඇණි දෙකක් එම සහන සේවා සිදු කරන්නේ.

පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සඳහා අගුල් 06ක් හා මෝටර් බෝට්ටු 03ක් යොදවා තිබෙන අතර හදිසි ආපදා තත්ත්වයකදී එම ජනතාව මුදා ගැනීම වෙනුවෙන් විශේෂ හමුදා රථ ස්ථානගත කර තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කයේ හදිසි ආපදා තත්ත්වයන් සහ ඊට අදාළ තොරතුරු දැනුම් දීම සඳහා මේජර් ජෙනරල් ජානක රණසිංහ (0766907042), කර්නල් රොෂාන් කන්නංගර (0766907146) සම්බන්ධ කර ගන්නා ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

මේ අතර මාතර දිස්ත්‍රික්කයේ හදිසි ආපදා තත්ත්වය සහ ජනතාවට සහන සැලසීමට ගත යුතු ඉදිරි පියවර පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත් වුණා.

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණා කොඩිතුවක්කු, දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි යන මහත්වරු සහ ආණ්ඩුකාර ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරු, මාතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරු, ප්‍රාදේශීය සභා ලේකම්වරුන්, පොලීසිය, ත්‍රවිධ හමුදාව සහ රාජ්‍ය ආයන නියෝජනය කරන සියලු නිලධාරීන් ඊට එක්ව සිටියා.

පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට ගත යුතු පියවර පිළිබඳ එහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ගංවතුර තත්ත්වය පහව යාමෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ප්‍රාදේශීය සභා ඒකාබද්ධ වෙමින් සෑම දිනකම උදෑසන ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් රැස්වීමක් පැවැත්වීමටත් එහිදී ගන්නා තීරණ Zoom තාක්ෂණය ඔස්සේ දිස්ත්‍රික් ආපදා කමිටු වෙත දිනපතා දැනුම් දීමටත් මෙහිදී තීරණය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23