ගංජා වික්ක පොලිස් සැරයන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ගංජා ජාවාරමේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය අවසර ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කවරක්කුලම පොලීසියට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයකු බවයි පොලිසිය පැවසුවේ.

පසුගිය 14 වැනිදා ගංජා කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 975ක් අලෙවි කිරීමේ දී වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අනුරාධපුරයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.