ගංජා පානයකර බසයක් පැදලා – රියදුරා අත්අඩංගුවට

ගංජා පානයකර මගී බස් රථයක් පැදවූ රියදුරෙක් ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හලාවත – පුත්තලම මාර්ගයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ දී මෙම රියදුරා අද (22) දහවල් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු රියදුරා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, ඔහු මන්නාරම – කොළඹ පෞද්ගලික බස් රථයක රියදුරු ලෙස කටයුතු කළ අයෙක්.

මන්නාරමේ සිට කොළඹ බලා මගීන් රැගෙන ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් පොලිස් නිලධාරීන් විසින් නවත්වා ඇති අතර, එහිදී රියදුරුගේ අසාමාන්‍ය හැසිරීම සහ කතා විලාශය පිළිබඳව පොලිසියට සැක මතුව තිබෙනවා.

රියදුරා කිසියම් මත් ද්‍රව්‍යයක් භාවිත කර ඇති බවට අනුමාන කළ පොලිස් නිලධාරීන් ඔහුව හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී අනාවරණය වී ඇත්තේ සැකකාර රියදුරා ගංජා පානය කර ඇති බවයි.

සැකකරු පැදවූ බස් රථ ආරච්චිකට්ටුව පොලීසිය භාරයට ගෙන ඇති අතර, එහි සිටි මගීන් වෙනත් බස් රථයකින් කොළඹ බලා පිටත් කර යැවීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44
Video thumbnail
අකිල විරාජ් කාරියවසම් අධිකරණයට රැගෙන ආ අයුරු
01:25
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් යයිද ? විභාගයට කළින් දිනවල අවදානම් තත්ත්වයක්
07:41
Video thumbnail
අපේ ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු ඉටුකරනවා
02:55
Video thumbnail
රත්මාලන බෝ#බ ප්‍රහාරය කළ ඩබල පැනලා ගිය හැටි මෙන්න
00:39
Video thumbnail
රුමේෂ් තරංගට DS එකෙන් ලැබුණු සුපිරි පිළිගැනීම
01:09
Video thumbnail
හිරේ ඉන්න සහෝදරයාට හෙරොයින් රැගෙන ගිය දෙදෙනෙක් කොටුවෙයි
00:23
Video thumbnail
අපේ ආණ්ඩුවක් ආවාම උත්තර දෙන්න බලාගෙන ඉන්න
02:24
Video thumbnail
ප්‍රා.මහ ලේකම් කාර්යාලය වටලපු වතු කම්කරුවන් - වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
06:48
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:25