ගංඟාවල ජල මට්ටම් ඉහළට – නාය යෑමේ අනතුරු ඇඟවීමේ තවදුරටත්

කැළණි සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් අවදානයෙන් සිටිය යුතු මට්ටමට ඉහළ යමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් තවමත් කැළණි ගං ද්‍රෝණිය ගංවතුර තත්ත්වයකට පත්වීමේ ඉඩකඩක් වාර්තා වන්නේ නැහැ.

එමෙන්ම අත්තනගලු ඔයේ ජල ගලනය ද සැලකිය යුතු ලෙස වැඩි වී තිබෙන බවයි වාර්තාවුණේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර සඳහන් කළේ නිල්වලා, ගිං සහ කළු ගංගා තවදුරටත් ගංවතුර මට්ටමේ පවතින බවයි.

ඒ, අනුව තවදුරටත් එම ගංගා භාවිතයෙන් වැළකී සිටින ලෙසයි ඔහු දැනුම් දෙන්නේ.

මේ අතර පවතින අධික වැසි හමුවේ දිස්ත්‍රික්ක 07කට පැන වූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ද යළි දීර්ඝ කිරීමට ද කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 29ක් සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබූ දෙවැනි සහ පළමු අදියරේ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් අද (30) දහවල් 12.00 දක්වා වලංගු වන පරිදි දීර්ඝ කර ඇති බව සඳහන්.

මේ අතර අයහපත් කාලගුණය හමුවේ පීඩාවට පත් වන ජනතාවට සහන සැලසීමට සහන කණ්ඩායම් සීරුවෙන් සිටින බව ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14