ගංගා නදිය අවට මිනී ගොඩ ගැසීම වැඩි වෙයි

වාර්ෂිකව ඇතිවෙන ගංවතුර තත්ත්වයන් හේතුවෙන් ගංගා නදියට දමා තිබූ මියගිය පුද්ගලයිනේ මළ සිරුරු මේ වන විට නැවත ඉවුරු දෙපසට ගොඩ ගසමින් තිබෙන බවට සඳහන් වෙනවා.

මෙම සිරුරු බොහෝමයක් කොරෝනා වසංගතයට ගොදුරුව මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු බවටයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය දින කිහිපය පුරාවටම ඉතා විශාල වශයෙන් මෙලෙස සිරුරු ගොඩ ගැසීම සිද්ධ වී ඇති බවටත් ඔවුන් වැඩිදුරටත් පවසා සිටිනවා.

සාම්ප්‍රදායික ආදාහානය කිරීම සඳහා දර සපයා ගැනීමට මෙන්ම එම වියදම් දරා ගත නොහැකි පිරිස් විසින් සිය ඥාතීන්ව මෙලෙස ගංගා නදියේ පා කර හරින බවටයි වාර්තා වෙන්නේ.

ඉන්දියාවේ උතුරු උත්තර් ප්‍රදේශ් නගරයේ අලහබාද්හි (ප්‍රයග්‍රාජ්) නාගරික නිලධාරියෙකු වන නීරාජ් කුමාර් සිං පැවසුවේ පසුගිය සති තුන තුළදී මෙලෙස ගොඩ ගැසූ මළ සිරුරු 150 කට ආසන්න ප්‍රමාණයක් ඔවුන් විසින් ආදාහනය කළ බවයි.

ඔහු ඒ එෆ් පී පුවත් සේවයට වැඩිදුර තොරතුරු ලබාදෙමින් පවසා සිටියේ මෙම මළ සිරුරු ගොඩ ගසන  ප්‍රදේශය කිලෝමීටරයක් පුරා පැතිරී ඇති බවත්, මළ සිරුරු 500-600 ක් පමණ මෙලෙස නදියට දමන්ට ඇති බවයි.

මෙම සෑම මළ සිරුරක් සඳහා ආදාහනය කිරීමට අවශ්‍ය කටයුතු සිද්ධ කරන බවද ඔහු විසින් වැඩිදුරටත් පවසා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29