ඛනිජ තෙල් සංස්ථාවට එරෙහිව අභියාචනාධිකරණයෙන් වාරණ නියෝගයක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් බෙදුම්කරුවන්ගෙන් අයවිය යුතු ගාස්තු මාර්තු මාසය තුල ගෙවන ලෙසත් එසේ නොකළහොත් ඔවුන්ගේ තැන්පත් මුදලින් අදාළ මුදල අඩු කරගන්නා බව දන්වා ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් නිකුත්කර ඇති ලිපියක් ක්‍රියාත්මක වීම වළකාලමින් අභියාචනාධිකරණය අද (09) දින අතුරු තහනම් නියෝගය නිකුත් කළා.

ඛනිජ තෙල් බෙදාහැරීමේ නියෝජිතයන්ගේ සංගමය විසින් ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් මහතා විසින් මෙම අතුරු නියෝග නිකුත් කළා.

මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවත් අධිකරණ නියෝගය සඳහන් වුණා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ලිපියක් නිකුත් කරමින් මාර්තු මාසය තුළ බෙදුම්කරුවන්ගෙන් අය විට යුතු ගාස්තු ගෙවිය යුතු බවත් එසේ නොගෙවන්නේ නම් ඔවුන්ගේ තැන්පතුවලින් එය අය කරන්නා බව එහි සඳහන් කර තිබූ බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙනවා.

අදාල ලිපිය නිකුත්කර තිබෙන ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එවැනි ලිපියක් නිකුත් කිරීමට වගඋත්තර කර සංස්ථාවට බලයක් නොමැති බවත් නීතිඥ සනත් විජයවර්ධන මහතා මාර්ගයෙන් ගොනුකර තිබූ අදාළ පෙත්සමේ සඳහන් කර තිබුණා.

ඒ අනුව, අදාල තීරණ බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු අදාල ලිපිය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාල පෙත්සමෙන් ඉල්ලා තිබුණා.

මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48