ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති වශයෙන් කටයුතු කළ කාලයේ 2017 – 2018 වර්ෂ සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ඉන්ධන මිල දී ගැනීමට නියමිතව තිබූ දිගුකාලීන ටෙන්ඩර් 03ක් අවලංගු කොට, ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් ක්‍රියාත්මක කිරීමට සිදුවීම තුළින් සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිදු කිරීමේ දූෂණ චෝදනාව මතයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.













