කෲර අපරාධයක් කළ වෛද්‍ය යුවලකට මහ මඟ වෙඩි තබයි – ඝාතනයෙන් පසු වූ හෙළි වූ කතාව

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ භාරත්පූර් හී මහා මාර්ගයක් මැද වෛද්‍යවරුන් යුවලකට වෙඩි තබා ඝාතනය කර තිබෙන දර්ශන මේ වන විට මාධ්‍ය විසින් ප්‍රසිද්ධ කර තිබේ.

ඊයේ (28) සවස 4.45ට පමණ භාරත්පූර් හී ප්‍රධාන මාර්ගයක මෙම වෛද්‍ය යුවල සිය වාහනයෙන් ගමන් කරමින් සිටින අවස්ථාවේ යතුරුපැදියකින් පැමිණි තරුණයින් දෙදෙනෙකු වාහනය ඉස්සරහ සිය යතුරු පැදිය නවත්වා යුවල නතර කරවාගෙන තිබුණි.

එහිදී මුහුණ ආවරණය කරගත් තරුණයෙකු විසින් යුවලගේ වාහනය අසළට ගොස් කතා කිරීමට අවශ්‍ය යැයි පවසා ඇති අතර වෛද්‍යවරයා විසින් වාහනයේ වීදුරු පහත් කරනවාත් සමඟ තරුණයා විසින් සඟවා ගෙන සිටි ගිනි අවියකින් වෛද්‍යවරයාට සහ ඔහුගේ වෛද්‍යවරියක් වන බිරිඳට වෙඩි තබා ඇත.

වෙඩි තැබීමෙන් පසුව යතුරුපැදිකරුවන් දෙදෙනා නැවත පලා යන අතර වෛද්‍ය යුවල එම ස්ථානයේම මියගොස් තිබේ.

භාරත්පූර් පොලීසිය අනාවරණය කර සිටින්නේ මෙය පළිගැනීමේ අරමුණකින් සිදු වුවක් බවයි. ඔවුන් එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඝාතනයට ලක්වූ වෛද්‍යවරයා විසින් තරුණියක් දුෂණය කර මරා දමා ඇති බවය.

මෙම තරුණියගේ ඝාතනයට වෛද්‍යවරයාගේ බිරිඳ සහ බිරිඳගේ මවද සම්බන්ධව ඇති බවත් වාර්තා වෙයි. 

මෙම ඝාතනය සිදුකර තිබෙන්නේ එම මියගිය තරුණියගේ වැඩිමහල් සහෝදරයා විසින් බවද මේ වන විට හෙළිවී ඇතැයි භාරත්පූර් හී පොලීසිය විසින් සඳහන් කර තිබේ.

ඝාතනය සිදු කරන අවස්ථාවේ CCTV වීඩියෝව පහතින් (සංවේදී දර්ශන සහිතයි),

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
164
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09