කෲඩියා සෙලනිකා ශාකය එම ස්ථානයේ ඉවත් කරනවාට මා විරුද්ධයි – මෛත‍්‍රී ශාකය පාමුල සිට අමතයි..

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තම ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් මෙහි දැක්වෙයි.

කෲඩියා සෙලනිකා ශාකය එම ස්ථානයේ ඉවත් කරනවාට මා විරුද්ධයි.. අධිවේගී මාර්ගය තරමක් වෙනස් කළ යුතුයි..

නෂ්ට වී තිබෙන ඒක දේශීය ශාකයක් වන “පණු කරද” හෙවත් Crudia Zeylanica අති දුර්ලභ ශාකය ගම්පහ දිස්ත්‍රික්කයේ දාරළුව ප්‍රදේශයෙන් හමු වීමත් සමග එම ශාකය සියැසින් දැක බලා ගැනීමට සහ මෙම ශාකය අද මුහුණ පා තිබෙන තර්ජනය පිළිබදව මා හට නිසි අවබෝධයක් ලබාගැනීමට එම ශාකය තිබෙන ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙන ලදී.

ඉතා සංවේදී පරිසර පද්ධතියක පිහිටා තිබෙන Crudia Zeylanica අති දුර්ලභ ශාකය එම ස්ථානයේ තිබියදීම සංරක්ෂණය කිරීම වඩාත් යෝග්‍ය බව මා හට හැඟී ගිය කරුණකි. එම ශාකයේ ප්‍රමාණය, මූල පද්ධතිය සහ වයස සැලකීමේදී කිසිලෙසක එම ශාකය එම ස්ථානයෙන් ඉවත් කොට සංරක්ෂණය කිරීම කළ හැකි කාර්යයක් ලෙස මා විශ්වාස නොකරමි.

මාර්ග සංවර්ධන අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ශාකයේ වටිනාකම සහ දුර්ලභත්වය සැලකිල්ලට ගෙන මතු අනාගත දරුවන් වෙනුවෙන් මේ මහා වෘක්ෂය ආරක්ෂා කොට අධිවේගී මාර්ගය ඉදි කරනවා නම් එය මුළු මහත් පරිසරයටම සිදුකරන ගෞරවයක් ලෙස මා මතක් කර දීමට කැමැත්තෙමි.

මෙම ශාකය හඳුනාගත් සහ ශාකය ආරක්ෂා කිරීමට කැපවූ ගරුතර මහා සංඝරත්නයට, රාජ්‍ය නිලධාරීන් සහ පරිසරවේදීන් හට පරිසරයට ආදරේ කරන නායකයකු ලෙස මා ගෞරව කර සිටිමි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගර කාරියවසම් පොලිස්පතිට මරණ තර්ජනය කරලා..?
05:15
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම
01:26
Video thumbnail
අලුත් නිවාස ඉල්ලා මහ වැස්සේ පාරේ ඉදගෙන කළ උද්ඝෝෂණය
01:20
Video thumbnail
අපි අල්ලස් දෙන්නේ නෑ - ජනමත විචාරණයක් අවශ්‍ය නෑ
07:37
Video thumbnail
අලුත් නිවාස ඉල්ලා මහ වැස්සේ පාරේ ඉදගෙන කළ උද්ඝෝෂණය - "අපිව රවට්ටන්න එපා - ඇති තරම් රැවැට්ටුවා"
06:26
Video thumbnail
මහානායක ස්වාමීන් වහන්සේලාට අපි නිවැරදි තොරතුරු ලබාදුන්නා
02:47
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති අමරපුර මහා සංඝ සභාවේ වැඩබලන සභාපති හමුවෙයි
01:06
Video thumbnail
හිරේ ඉන්න සහෝදරයාට හෙරොයින් රැගෙන ගිය දෙදෙනෙක් කොටුවෙයි
00:46
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම - වැදලා කිව්ව දේ "අපිට ලොකු අභිමානයක්"
02:31
Video thumbnail
අජිත් පී පෙරේරා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
07:16