කෝවිලක් කඩා දමයි..

යාපනය ඒ-9 ප්‍රධාන මාර්ගයේ කොඩිකාමම් ප්‍රදේශයේ ඉදිකර තිබූ හින්දු කෝවිලක් ඊයේ (08) රාත්‍රියේ කඩා දමා ඇති බවට ප්‍රදේශවාසීන් පවසා සිටිති.

කොඩිකාමම් සහ මිරුසවිල් අතර ඒ-9 මාර්ගය සහ දුම්රිය මාර්ගය අතර ඉදිකොට තිබූ මෙම හින්දු කෝවිලේ බිත්ති කිසියම් පිරිසක් විසින් කඩාදමා එහි දේව රූපවලටද හානි කොට පලා ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

දීර්ඝ කාලයක් තිස්සේ තමන්ද වැඳුම් පිදුම් කල කෝවිල කඩා දැමූවේ කව්රුන්දැයි යන්න නොදන්නා හෙයින් වහාම අදාල පුද්ගලයින් සොයා නීතිය ක්‍රියාත්මක කරන ලෙසටද කොඩිකාමම් ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පොලීසියෙන් ඉල්ලා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ