කෝලි, අයියර් ටෙස්ට් සංචිතයෙන් ඉවතට – ජඩේජා සහ රාහුල්ට යළි කැඳවීමක්

එංගලන්තයට එරෙහි ඉතිරි ටෙස්ට් තරග තුන සඳහා ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පුද්ගලික හේතුවක් මත සුපිරි පිතිකරු විරාට් කෝලි මෙම තරගාවලියේ ඉතිරි තරග තුනෙන් ඉවත්ව ඇති අතර, ඒ හේතුවෙන් ඔහු මෙම සංචිතයට එක්කර නැහැ.

එමෙන්ම ශ්‍රෙයාස් අයියර් ද ඉතිරි ටෙස්ට් තරඟ සඳහා නම් කළ සංචිතයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය වාර්තාවලට අනුව ඔහු ඉකිලි ආබාධයකට ලක්ව ඇති බව සඳහන්.

මේ අතර ආබාධයක් හේතුවෙන් දෙවැනි ටෙස්ට් තරගය අහිමි වූ තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා සහ කඩුලු රකින පිතිකරු කේ.එල් රාහුල් සංචිතයට නම් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා තරග සඳහා සහභාගීවනවා ද යන්න පිළිබදව ඔවුන්ගේ යෝග්‍යතා පරීක්ෂණවලින් පසුව තීරණය කෙරෙනු ඇති.

මේ අතර විශාකාපට්නම් හි පැවති දෙවන ටෙස්ට් තරගයෙන් විවේක ගන්වා සිටි මොහොමඩ් සිරාජ් සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

වේග පන්දු යවන ක්‍රීඩක මුකේෂ් කුමාර් සිය ස්ථානය රඳවාගෙන සිටින අතර, අවේෂ් ඛාන් සංචිතයෙන් නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු වෙනුවට තේරීම් කමිටුව ආකාෂ් දීප් ඉන්දීය ටෙස්ට් සංචිතයට තෝරාගෙන ඇති බව සඳහන්.

මේ අතර ජඩේජා නැවත පැමිණීමෙන් පසු සෞරබ් කුමාර් ඉන්දීය සංචිතයෙන් නිදහස්කර තිබෙනවා.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරග දෙක, එකට එකක් ලෙස ජයගෙන කණ්ඩායම් දෙකම සමතැන පසුවනවා.

රෝහිත් ෂර්මා, යෂස්වි ජයිස්වාල්, ශුබ්මන් ගිල්, කේ.එල් රාහුල්, සර්ෆරාස් ඛාන්, රජත් පටිදාර්, රවීන්ද්‍ර ජඩේජා,කේ.එස් භාරත්, අක්සාර් පටෙල්, ආර් අශ්වින්, කුල්දීප් යාදෙව්, වොෂින්ටන් සුන්දර්, මොහොමඩ් සිරාජ්, මුකේෂ් කුමාර්, ආකාෂ් දීප්, ජස්ප්‍රිත් බුම්රා, ධෘව් ජුරල්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14