කෝලියත් අභිරහස් ලෙස මිය ගිහින් (වීඩියෝ)

මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යාන නිජ භූමිය කරගත් ‘කෝලිය’ නමින් හඳුන්වන ඇතා අභිරහස් ලෙස මිය ගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.

මෙම ඇතා වසර 25ක් පමණ කාලයක් මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යාන ආශ්‍රිතව ජිවත් වූ සත්වයෙන් බවයි තොරතුරු වාර්තා වුණේ.

මින්නේරිය, රොටවැව ඇල රක්ෂිත කලාපයේ තිබී ඊයේ (06) මෙම සත්වයාගේ මළ සිරුර සොයාගෙන ඇති අතර, මීට දින හයකට පමණ පෙර කෝලිය ඇතා මිය ගන්නට ඇති බවයි සැක පළකරන්නේ.

වයස අවුරුදු 25ක් වන මෙම සත්වයා උස අඩි අටක් පමණ වනවා.

මෙම සත්වයාගේ දළ දෙකෙන් එකක් අඩි 04යි අගල් 04ක් පමණ වන අතර, අනෙක් දළය අඩි 04යි අගල් 06 ක් පමණ දිගකින් යුක්තයි.

මියගිය සත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ගීරිතලේ වන ජීවී පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය කණ්ඩායම් සිදුකර ඇති අතර, මිය යාමට හේතුව තවමත් අනාවරණය කර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාතිවාදී පිල්ලිවලට අඟලකින්වත් උඩට එන්න ඉඩ දෙන්නේ නෑ
02:49
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නේ නැතුව කාන්තාවෝ අල්ලගනී
03:58
Video thumbnail
හරියට පරීක්ෂණය කළොත් කවුරුත් ඉතුරු වෙන්නේ නෑ
01:32
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47