කෝලිගෙන් ලෝක වාර්තාවක්

හත්වන වරටත් කැලැන්ඩර් වර්ෂයක දී ජාත්‍යන්තර ලකුණු 2,000 සීමාව පසු කළ පළමු ලොව පිතිකරුවා බවට පත්වෙමින් නව වාර්තාවක් පිහිටුවන්නට ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලිට හැකියාව ලැබුණා.

දකුණු අප්‍රිකාව සමඟ නිමා වූ පළමු ටෙස්ට් තරගයේ දී විරාට් කෝලි මෙම වර්ෂයේ දී ලකුණු 2000 සීමාව පසුකර ගියා.

විරාට් කෝලි මීට පෙර 2012 (ලකුණු 2186), 2014 (ලකුණු 2286), 2016 (ලකුණු 2595), 2017 (ලකුණු 2818), 2018 (ලකුණු 2735) සහ 2019 (ලකුණු 2455) ක් රැස්කරගෙන තිබුණා.

දකුණු අප්‍රිකාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේ දී කෝලි පළමු ඉනිමට ලකුණු 38ක් සහ දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 76ක් රැස් කිරීමට සමත් වුණා.